කොවිඩ් ආසාදනයෙන් ගැබිනි කාන්තාවන් මියයෑම පිළිබඳව හෙළිදරව්වක්

2021 මැයි මාසයෙන් පසුව ගර්භණී කාන්තාවන් 52 දෙදෙනෙක් කොවිඩ් ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.

අද (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඇය සඳහන් කර සිටියේ, කොරෝනා වෛරසයේ ආරම්භයේ සිට මේ දක්වා ගර්භණී කාන්තාවන් 5,000කට පමණ කොරෝනා ආසාදනය වී ඇති බවය.

මේ වන විට ගර්භණී කාන්තාවන්ගෙන් සියයට 90කට එන්නත් ලබා දී ඇති බව ද ඇය සඳහන් කළාය.

එන්නත ගැනීමෙන් ගර්භණී කාන්තාවන් ට ඇතිවිය හැකි සංකූලතා අඩුකර මරණයට පත්වීමේ සම්භාවිතාව අවම කර ගැනීමට හැකිවන හෙයින් කිසිදු බියකින් තොරව එන්නත ලබාගැනීමට කටයුතු කරන ලෙස ද ඇය කියා සිටියාය.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කොළඹ ජාතික රෝහලේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආශා සමරනායක මහත්මිය සඳහන් කර සිටියේ, පශ්චාත් කොවිඩ් සමය තුළ සංකූලතා ඇති රෝගීන් කල්පනාකාරීව රැකබලාගත යුතු බවය.

කොවිඩ් ආසාදනයවී සුවය ලැබුව ද අධි අවදානම් පසු කොවිඩ් තත්ත්වය ලෙස සලකන කොවිඩ් නියුමෝනියාව, පෙනහැලි ධමනිවල ලේකැටි ඇතිවීම, පෙනහැලිවල ද්විතීයික බැක්ටීරියා ආසාදනය, හෘදයේ කිරීටක ධමනිවල කුඩා රුධිරනාල කැටි ගැසීම, ස්නායු පද්ධතියට බලපෑම් ඇතිවීම, මෂ්තිස්ක පටකවල ආසාදන තත්ත්ව ඇතිවිය හැකි බව ද ඇය සඳහන් කළාය.

එබැවින් රෝගියාට නියම කරන ලද ඖෂධ මාත්‍රාව නිසි පරිදි ලබාදීම, දිනකට 04 වරක් තත්ත්වය පරීක්ෂා කිරීම, දිනකට ලීටර 02ක් දියර වර්ග ලබාදීම, පෝෂණීය ආහාර ගැනීම ඉතා වැදගත් බව ද වෛද්‍යවරිය කියා සිටියාය. 

පශ්චාත් කොවිඩ් සමයේ හුස්ම ගැනීමේ අපහසුතා, නින්ද නොයාම, අධික තෙහෙට්ටුව, හෘදය වස්තුවේ ස්පන්දනය වැඩිවීම සහ සමේ ලප ඇතිවීම ආදී සංකූලතා ඇතිවුවහොත් දුරකථන අංක 247 හෝ 1904 ඔස්සේ කෙටි‍ පණිවුඩයක් මඟින් වෛද්‍ය උපදෙස් ලබාගත හැකි බව වෛද්‍ය සමරනායක මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09