පොලිස් නිලධාරියා දිවි පරදුවට තබා සිදුකළ මත්ද්‍රව්‍ය මෙහෙයුම

සමාජයට පිළිලයක් වී ඇති මත්කුඩු ජාවාරම් මඬින්නට පොලිස් නිලධාරීන් දරන්නේ දැඩි උත්සාහයකි.

ඇතැම් අවස්ථාවල එම මෙහෙයුම්වලදී ඔවුන් සිය ජීවිත පවා අවදානමේ හෙළනු ඇත.

ඒ බව මනාව තහවුරු වන සිදුවීමක් රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයෙන් (20) වාර්තා වුණි.

නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් අද රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ මත්කුඩු වැටලීමකට යන්නේ ලද හෝඩුවාවකට අනුවය.

එලෙස ගමන් කරන අතරවායේදී ඔබේසේකරපුර මංසන්දියට නිල් පැහැති ත්‍රිරෝද රථයකින් පැමිණි අයෙක්, අසල නවතා තිබු මෝටර් රථයකට යම්කිසි පාර්සලයක් ලබා දෙන බවට නිලධාරීන්ට නිරීක්ෂණය වී තිබේ.

එම පාර්සලය තුළ මත්කුඩු තිබේදැයි මතුවූ සැකය මත වහා ක්‍රියාත්මක වූ නිලධාරීන් ත්‍රිරෝද රථය අසලට ගොස් එහි සිටි පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කරනු ලබයි.

පසුව ත්‍රිරෝද රථයේ යතුර සිය භාරයට ගත් පොලිස් නිලධාරීන් ගමන් කරන්නේ මෝටර් රථය අසලටය.

එහිදී නිලධාරීන් මෝටර් රථය අසලට ගමන් කිරීමත් සමඟ සැණින් ක්‍රියාත්මක වන රියදුරු මෝටර් රථය ධාවන කරන්නට පටන් ගනී.

එහිදී එක් නිලධාරියෙකු මෙලෙස රථය නතර කිරීමට උත්සාහ කරන්නේ මෝටර් රථයේ “බොනටය” මත එල්ලී තම ජීවිතය පවා පරදුවට තබමිනි.

ඒ අතර වාරයේදී සැකකටයුතු ත්‍රිරෝද රථයෙන් පැමිණි පුද්ගලයෙකු පළා යන අයුරු ඒ අසල වු CCTV කැමරාවක සනිටුහන්ව තිබුණි.

මීටර 500ක් පමණ දුර මෝටර් රථය වේගයෙන් ධාවනය කළ සැකකරු පසුව සැණෙකින් තිරිංග ක්‍රියාත්මක කිරීමත් සමඟ පොලිස් නිලධාරියා බිම ඇද වැටී තිබුණි.

එහිදී නිලධාරියාගේ හිසට හා පාදයට තුවාල සිදු වී ඇති අතර හිසට මැහුම් 4ක් යොදා ඇති බව වාර්තා වේ.

එම ත්‍රාසජනක සිදුවීමට මුහුණ දුන් පොලිස් සැරයන් වසන්ත මීට පෙරද වැටලීම් රැසක් සිදුකර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර දුන් දක්ෂ නිලධාරියෙක් බව පොලීසිය පවසයි.

නිලධාරීන් මෝටර් රථය හඹා යන අතරතුරදී පාර්සලය රැගෙන ආ ත්‍රිරෝද රථයේ රියදුරු රථය රැගෙන පළාගොස් ඇති අතර රථයේ යතුර පොලිස් නිලධාරීන් භාරයට ගෙන තිබූ නිසා ඔහු ත්‍රිරෝද රථය පණගන්වා තිබුණේ වෙනත් ක්‍රමයකිනි.

පළාගිය මෝටර් රථය CBK – 3981 අංක තහඩු සහිත ටොයෝටා විට්ස් වර්ගයේ අළු පැහැති රථයක් බව පොලීසිය පවසයි.

එය සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි.

එමෙන්ම වැඩිදුර විමර්ශන සඳහා නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත නිලධාරී කණ්ඩායම් දෙකක් පත්කර තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
53
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන ආනයනාකරුවන්ගේ සංගම‍යෙන් ආණ්ඩුවට ඉල්ලීමක් - අපිට ලොකු සහයෝගයක් දෙන්න
03:14
Video thumbnail
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරයට විපක්ෂ නායක, චාමර ඇතුළු ප්‍රබලයින් රැසක් එයි
04:13
Video thumbnail
කැමරාව වහලා දොලවත්ත ආණ්ඩුවට සැරටම කිව්ව දේ - මේ ආණ්ඩුවට කිසිම හැකියාවක් නෑ
03:04
Video thumbnail
මාලඹේ රත්කල පන්දම් විරෝධතාව - 76 සා#පයට වඩා දෙගුණයක සා#පයක් මේක
04:57
Video thumbnail
මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලට ගිලන් රථයක් - සෞඛ්‍යය ඇමති අතින් ලබාදුන් අයුරු
01:05
Video thumbnail
පෞද්ගලික ඉඩමකින් බොරළු හොරකම් කළ මාලිමා මන්ත්‍රී ? - "මූට මන්ත්‍රී කියන්නත් ලැජ්ජයි..කොන්දක් නැද්ද ?
06:32
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම - මිත්තණිය සහ පුංචි පුතා එළොව යයි
02:29
Video thumbnail
සලේ කියලා අමුතු මිනිහෙක් නෙවෙයි..අපි හිරේ ගියත් මෙච්චරයි - කන බොන එක තීරණය කරන්නෙ තමන්මයි
01:16
Video thumbnail
බස් ගාස්තු ගැන අහද්දි මාලිමා මන්ත්‍රීට යකා නගියි - සහනය ජනතාවට ලැබිලනේ යකෝ
03:14
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55