කිරිපිටි සහ තවත් භාන්ඩ දෙකක මිල ඉහළට

පාරිභෝගික කටයුතු අධිකාරියේ මිල කමිටුව කළ අධ්‍යනයන්ට අනුව ජීවන වියදම් කමිටුවේ අවසාන අනුමැතිය ලබාගෙන කිරිපිටි, තිරිඟු පිටි සහ සිමෙන්ති මිල ඉහළ දැමීමට ඉදිරි දින කීපයේදී සිදුවනු ඇතැයි පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසීය.

මෙම භාණ්ඩ තුනේ ජාත්‍යන්තර වෙලෙඳපොලේ මිල වැඩි වීම නිසා දේශීය මිල වැඩි කරන ලෙස ආනයනකරුවන් මාස හයක පමණ කාලයක සිට ඉල්ලීම් කර තිබියදී ඒ පිළිබඳ දිගින් දිගටම සාකච්ඡා කළ බව පැවසූ එම නිලධාරියා පාරිභෝගික අධිකාරියේ අදාල මිල කමිටු ඒ පිළිබඳව වර්තමාන තත්වයට අනුරූපීව ගණනය කිරීම් කර ඇති ආකාරයට ඉදිරියේදී ජීවන වියදම් කමිටුවේ අවසාන අනුමැතියක් ගෙන නව මිල ගණන් ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය.

පාරිභෝගික කටයුතු අධිකාරියේ මිල කමිටු සහ එහි මණ්ඩලය මෙම භාණ්ඩ තුන පිළිබඳව කළ අධ්‍යනයන් පිළිබඳ තොරතුරු ඉදිරියේදී ප්‍රසිද්ධ කරන බවත් කිරිපිටි කිලෝවක වර්තමාන මිල රුපියල් 940 ක් තීරණය කරන අවස්ථාවේදී ජාත්‍යන්තර වෙළෙඳපොලේ කිරිපිටි මෙටි්‍රක්ටොන් එකක් ඩොලර් 3,070 ක් වුවද වර්තමානය වන විට කිරිපිටි මෙට්‍රික්ටොන් ඒකක් ඩොලර් 3,700 ක් දක්වා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ද එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන ප්‍රශ්නයෙන් රෝහලුත් වැසෙයිද ?..ඉදිරි පැය 48ක කාලය ඉතාම තීරණාත්මකයි
09:31
Video thumbnail
අපිට දොස් කියලා වැඩක් නෑ - රට භාරගත්තා නම් වැඩ කරන්න
02:23
Video thumbnail
වේදනයි වේදනයි ඇත්ත කියනකොට - සමන්ත විපක්ෂයට කටඋත්තර නැතිවෙන්නම දෙයි
04:02
Video thumbnail
මහින්දව නිදොස්කොට නිදහස් කරන්න අපි ධර්මයුද්ධයක් කරනවා
05:36
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුර අපේ එකා කෙ#න විදිය තමයි මේක
10:10
Video thumbnail
කාටල් නිසා ජනපතිට යකා නගියි..කාටලය නොකැඩුවානම් අද ගෑසුත් නෑ
04:08
Video thumbnail
නාමල් 2029යේ ජනාධිපති වෙයි කියලා ආණ්ඩුව බයයි
09:09
Video thumbnail
මනුස්සකමට හොඳම උදාහරණය දුන් මිරිස්වත්තේ පුවත.."ඔක්කොම සල්ලි හරිනේ..ඔන්න මං ගෙනත්ම දුන්නා"
06:55
Video thumbnail
මහින්ද රාජපක්ෂට අපහාස කරලා ආණ්ඩුව වැරදි තැනට අත තිබ්බේ
07:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාව නිසා සජිත්ට රතු කට්ට පනී
06:25