නාමල් කලකිරෙයි

“රට විවර වෙන්න විනාඩියක් තිබෙද්දි පිරෙන්නේ බාර් එක නම් එතැනින් එහාට අපි යන්නේ කොතනටද කියන එක ගැන දෙපාරක් කල්පනා කරන්න ඕනෑ” යැයි ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙසේ පැවැසූයේ අද (19) තංගල්ලේදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

 “සුරාසැල් විවෘත කිරීම පිළිබඳව වැරැදි පණිවුඩයක් ගිහින් තිබෙන බවයි මගේ මතය. කොවිඩ් කමිටුවවත් ආණ්ඩුවෙන්වත් එවැනි තීන්දුවක් ගත්තෙ නැහැ. කොවිඩ් කමිටුවේ තීන්දුවක් ගන්නවා නම් එය ගන්නේ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත රටේ පවතින තත්ත්වයට අනුකූලව ව්‍යාප්තිය අවම කරගැනීමටයි. බාර් ඇරපු එක ගැන කොවිඩ් කමිටුවේ කිසිම තීන්දුවක් ගත්තේ නැහැ. හැබැයි බාර් ඇරපු එකෙන් දැකපු දර්ශනය අනුව හිතන්න දෙයක් තිබෙනවා.

කොච්චර ආර්ථික අපහසුතා තියෙනවා කිව්වත් කුලී වැඩ නෑ කිව්වත් සංචරණ සීමා දාල තිබුණත් බාර් ඇරියාම පෝලිම නම් තියෙනවා. බාර් ඇරපු එක කෙසේ වෙතත් එයින් ලැබුණ පණිවුඩය නම් මේ රටේ ජනතාව සහ ආණ්ඩුව මීට වඩා අනාගතවාදීව වැඩපිළිවෙලක් එක්ක බැලිය යුතුයි. මොකද රට විවර වෙන්න විනාඩියක් තිබෙද්දි පිරෙන්නේ බාර් එක නම් එතැනින් එහාට අපි යන්නේ කොතනටද කියන එක ගැන දෙපාරක් කල්පනා කරන්න ඕනෑ” යැයිද කීවේය

  1. කන්න සල්ලි නැහෙ කියන උන්ට මත් පැන් බොන්න කුඩු ගහන්න ඕනෙ තරම් සල්ලි තියෙනවා/ කන්න ගන්න සල්ලි නෙහෙලු / ලමයට කිරි පිටි ගන්න සල්ලි නෙහෙලු / එහෙම කියන උන් බාර් ඇරපු ගමන් යන්නෙ එතනට / එතනදි අර නැහෙ කියන සල්ලි උන්ට තියෙනවා/ ලමයි ගෙදර බඩ ගින්නෙ උනත් මෙ වාගෙ පාහරයන්ට කෙසෙ මෙවා තෙරුම් කර දෙන්නද ?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08