ගෑහැනුන්ට තනියෙන් ගෙයින් එළියට යාම තහනම් වෙයි

තලෙයිබාන් පාලනය පෙරළා දමා ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ හමුදා ඇෆ්ගනිස්තානයේ පාලනය බලය අල්ලාගෙන අවුරුදු 20 කට පසු ආපසු තලෙයිබාන් සංවිධානයටම රට භාරදී ඔවුන් මව් රටට ගිය බව කවුරුත් දන්නා පුවතකි. එහෙත්, මෙම යුගය ඇෆ්ගන් ඉතිහාසයේ ආපසු හැරවිය නොහැකි යුගයක් බව පෙනී යන්නේ ඇෆ්ගනිස්තානයේ පසුගිය අවුරුදු 20 ක කාලය තුළදී වූ සමාජ වෙනස පිළිබඳ සලකා බැලීමේදීය.

2000 දශකයේ මුල් භාගයේදී ඇමරිකා එක්සත් ජනපදය විසින් තලෙයිබාන් පාලනය පෙරළා දමන කාලයේ ඇෆ්ගනිස්තානයේ පැවැති තලෙයිබාන් පාලනය අතිශයින් මූලධර්මවාදීය. ස්ත්‍රී අයිතිවාසිකම් තුට්ටු දෙකටම දමා තිබිණ. ස්ත්‍රියගේ සියලු අයිතිවාසිකම් අවුරා තිබූ තලෙයිබාන් පාලනය වෙනුවට ඇමරිකා එක්සත් ජනපදයේ සහයෝගයෙන් ක්‍රියාත්මක වූ ආණ්ඩුව යටතේ හැදී වැඩුණු දරුවෝ අද ඇෆ්ගනිස්තානයේ තරුණයෝය, තරුණියෝය. ඔවුහු සිය දිවි ගමනේ සිටින්නේ විසිවැනි සැතපුම් කණුව පසු කරමිනි. සිය යෞවන කාලය මෙතෙක් ඔවුන් ගෙවා දමමින් සිටියේ සීමා මායිම් නැතිවය. සතුටිනි. ඔවුන්ට එසේ වූවාට 2000 ට පෙර ඇෆ්ඝනිස්තානයේ එවැනි සතුටක් විඳින්නට තරුණියන්ට ඉඩක් නොවීය. 1996 වසරේ දී තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ පාලන බලය අල්ලා ගැනීමෙන් පසු ගැහැනු දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය සම්පූර්ණයෙන් අත්හිටවිණි. ගුරුවරියන්ට නිවෙස්වල නතර වන ලෙස අණ කරන ලදී. නැවතත්, එම යුගය කරා ගමන් නොකරන බව තලෙයිබාන් සංවිධානය පසුගියදා පොරොන්දු වුවද දිනෙන් දිනෙම එරටින් වාර්තා වෙමින් තිබෙන්නේ ස්ත්‍රී අයිතිවාසිකම් කඩ කිරීම්ය. අන්තර් ජාතික ප්‍රජාව සහ ඇමරිකා හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගැනීම සමගින් රටත් ජනතාවත් සන්නද්ධ සටන්කාමී සංවිධානයකට භාර දීම එක්තරා අතකින් මානව වර්ගයාට එරෙහි අපරාධයකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36
Video thumbnail
පලේගම හේමරතන හිමිට අධිකරණයෙන් ලැබුණු විශේෂ නියෝගය මෙන්න..නීතිඥවරු 30ක ප්‍රමාණයක් අදත් ඇවිත්
01:36
Video thumbnail
මල්වානේ නිවසට කඩා පැන්න අන්තරේට මහින්ද කිව්ව දේ..මේක සාමකාමීව විසඳගන්නවා
01:14
Video thumbnail
අපි ආණ්ඩුවේ අවලාදවලට හිරවෙලා..ආර්ථිකය බලන් ඉද්දිම කඩා වැටෙනවා l Dilith Jayaweera
09:37
Video thumbnail
නීතිය රකින පොලිස් නිලධාරින් හෙල්මට් නැතුව බයික් එකේ යන හැටි..නීති දෙකක්ද ?
00:44
Video thumbnail
මල්වානේ නිවසේ නවතම තත්ත්වය..ලොක්කොන්ගේ දේපළ එළියට ආවා කියලා කළබලයක් වෙලා
04:22