මහින්ද අභිබවා ගෝඨාභය රටටම ආදර්ශයක් දෙයි

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිව්යෝර්ක් නුවරට ළඟා වී තිබෙනවා.

එරට වේලාවෙන් 18 වනදා ප.ව. 2.30 ට නිව්යෝර්ක්හි ජෝන් එෆ්. කෙනඩි අන්තර්ජාතික ගුවන් තොටුපොළට ළඟා වූ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් විසින් පිළිගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

“කොවිඩ් 19 – වෛරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණ ගැන්වීම” යන්න තේමා කරගනිමින් 21 වන අඟහරුවාදා එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව ආරම්භ වනවා.

මහා මණ්ඩල සැසිවාරයේ විදේශ අමාත්‍ය මට්ටමේ සමුළුව හෙට (20) පෙරවරුවේ ආරම්භ වන අතර, සමුළුවට සහභාගී වීම සඳහා රටවල් රැසක රාජ්‍ය නායකයන මේ වන විටත් නිව්යෝර්ක් නුවරට පැමිණ සිටිනවා.

රාජ්‍ය නායක සමුළුවේ දෙවන දින පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය දේශනය සිදු කරන අතර, 23 වන දින පැවැත්වෙන ආහාර පද්ධති සමුළුවේදී සහ 24 වෙනිදා පැවැත්වෙන බලශක්තිය පිළිබඳ ඉහළ මට්ටමේ සංවාදයේදී සිය අදහස් දැක්වීමට ද අපේක්ෂාවෙන් පසුවනවා.

සැසිවාරය අතරතුර ජනාධිපතිතුමා රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතවයි.

විශේෂත්වය නම් ජනපතිගේ මෙම සංචාරය සඳහා එක්ව ඇත්තේ තිදෙනෙකු පමණක් වීමයි.

ඒ අනුව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ ද ජනාධිපතිවරයා සමග සංචාරයට එක්ව සිටිනවා.

කෙසේවෙතත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පසුගියදා ඉතාලි සංචාරයට තම පවුලේම ඥාතීන් සිව්දෙනෙකු එක්ව සිටීම ගැන විපක්ෂයෙන් චෝදනාවක් එල්ලවී තිබියදී ජනාධිපතිවරයා මෙලෙස තිදෙනෙකු සමග විදෙස් සංචාරයට එක් වීම විශේෂත්වයක්.

  1. මුන් දෙන්නගේ ආදර්ශය තමයි අපේ රටේ හෙනය.තවත් උන්ව උද දාන ගොන් බල්ලෝ ඉන්නවා ලංකාවේ.මේ news එකෙන් මම අයින් වෙනවා මේකත් ගිනෙක්ගේ වැඩක්

  2. රාජපක්ෂ පවුලෙන් රටෙ ජනතා බදු මුදල් නාස්ති කරපු සහ තවමත් නාස්ති කරන අය අතුරෙන් මහින්ද රාජපක්ෂ පලමු තෙනට සහ බැසිල් දෙවෙනි තැනටත් මහින්දගෙ ගෙනි තුන්වෙනි තැනටත් ඔහුගෙ පුතුන් සිව්වෙනි පස්වෙනි තැනටත් පත්වෙති / ගෝඨාබය මහින්දට වඩා වෙනස්ය / ඔහුට හැකියාවක් නැතත් අරමුනක් තිබෙ රට ගොඩ ගන්නට/ එහෙත් එම හැකියාව ඔහුට නොමැත / ඔහුට අනුසාසනා දෙන්නෙ රට වනසන කොටසකි ; / ඔහුට මෙය තෙරුම් ගන්නට කාලය පැමින තවමත් පැමින නොමෙත/ ඔහු එය ඉක්මනින් තේරුම් ගතහොත් රට ගොඩ දමනට හැකිය . නතිනම් රට තවත් අගාදයට පමනි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14