පශ්චාත් කොවිඩ් තත්වයන් ළමයින් සහ තරුණ පිරිස් අතර බොහෝවිට වාර්තාවන බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන පවසනවා.
ඔහු කියා සිටියේ මද රෝග ලක්ෂණ හෝ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වූ අයෙකුට සති හතරකට පසුව හෝ ඊට වැඩි කාලයකට පසු රෝග ලක්ෂණ පෙන්වන්නේ නම් එය, පශ්චාත් කොවිඩ් තත්වය ලෙස සැළකෙන බවයි. කෙසේ වෙතත් කොරෝනා ආසාදනය වූ පමණින් වෙනත් සංකූලතා නොමැති අයට දීර්ඝකාලීනව ඇස්ප්‍රින් භාවිතය අවශ්‍ය නොවන බවයි කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන කියා සිටියේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2