අරමුණු ගොන්නක් රැගෙන ජනපති ඇමරිකාව බලා පිටත්ව යයි

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (18) අළුයම දිවයිනෙන් පිටත්ව ගියා.

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි දී එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරය පැවැත් වෙනවා.

ජනාධිපතිතුමා දිවයිනෙන් බැහැරව විදේශ සමුළුවකට සහභාගී වන සහ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී රාජ්‍ය නායක සමුළුව අමතන පළමු අවස්ථාව මෙය වනවා.

ලබන 22 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමුළුව ඇමතීමට නියමිත අතර මෙම සැසිවාරය අතරතුර ජනාධිපතිවරයා, රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබෙනවා.විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන අය මෙම සංචාරයට එක්ව සිටින බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
32
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?