මේගොල්ලො ඇත්තටම ගුරුවරු ද කියලත් හිතන්න බෑ. සාකච්ඡා අතරතුර උණුසුම් තත්වයක්

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට කැබිනට් අනුකමිටුව ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව වර්ජනයේ නිරත ගුරු – විදුහල්පති සංගම් දැනුවත් කිරීමට දින 16කට පසු අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා ඊයේ (16) කටයුතු කර තිබුණි.

මෙහිදී ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව විසඳාගැනීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා අවසානයේ එකඟතාව පළකර තිබුණි.

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව ඉවත් කිරීමට කැබිනට් අනුකමිටුව ඉදිරිපත් කළ යෝජනා කැබිනට් මණ්ඩලය අනුමත කර තිබුණේ ඉකුත් අගෝස්තු 30වැනිදාය.

සාකච්ඡාව අතරතුර ගුරු – විදුහල්පති වෘත්තීය සමිති අතර උණුසුම් තත්ත්වයක් ද ඇතිවී තිබුණි.

ඒ පාර්ශ්ව කිහිපයක් අතර මතුවූ මතභේදාත්මක කරුණු කිහිපයක් සම්බන්ධයෙනි.

කෙසේවෙතත් සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ, “විසඳුමක් නොලැබුණොත් අපේ අරගලය ඉදිරියට යන එක හැර වෙන විකල්පයක් නෑ,” යනුවෙනි.

ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය සඳහන් කළේ, “මේගොල්ලො ඇත්තටම ගුරුවරු ද කියලත් හිතන්න බෑ. කතාකරනකොට. අදත් මෙතන ගහගන්න ගියා. එක විදුහල්පති සංගමයකට කතා කරන්න දුන්නෙම නෑ. ඒගොල්ලො හිතාගෙන ඉන්නේ ඒගොල්ලො විතරයි සංගම් කියලා. චණ්ඩි වගේ වැඩ කරන්න බෑ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.20
00:00
Video thumbnail
"අධිකරණ ඇමති මැද ඇඟිල්ල පෙන්නලා දිව දානවා"පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්..
01:48
Video thumbnail
Actually Great System..දැන් කිසි කරදරයක් නෑ..ඉන්ධන හල්වල අද තත්ත්වය
02:26
Video thumbnail
අජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මොකක්ද මේ කුණුහරුප රජය..මුන් ඇමතිලද ? -
02:48
Video thumbnail
කාත්තන්කුඩියේ යාචක කණ්ඩායම් නොසන්සුන්වෙයි..ගැ#මෙන් පුද්ගලයන් දෙදෙනෙකුට බරපතළයි
01:12
Video thumbnail
චමින්ද නැගිටලා හතර වටේටම දෙසයි.."කථානයක මේක පුදුම පච කියවිල්ලක්නේ"
06:10
Video thumbnail
මොන ඔත්තේ ඉරට්ටේ තිබුණත් දිග පෝළිම්..තෙලුත් නෑ..ජනපතිට සතියෙන් සතියට ජනතාව දැනුවත් කරන්න වෙලා
04:47
Video thumbnail
"තෙල් තියෙනවා ඕන තරම්..මිනිස්සු බොරුවට බයවෙලා"ඉන්ධන ගැන තෙල් බවුසර් රියදුරන් කිව්ව දේ..
01:59
Video thumbnail
වර්තමාන ආණ්ඩුවට දිට්ඨ ධම්ම වේදනීය කර්මයට මුහුණ දෙන්න වෙලා..ගෝඨාභයා එලවන්න ජනතාව කුලප්පු කළා
06:02
Video thumbnail
Selfie ගන්න ගිය සිසුවියක් ලෝකාන්තයේ ප්‍රපාතයකට වැ#යි
01:53