AFC Banner
Empty Ad
Empty Ad

රට තවමත් අවදානමේ! වෛද්‍ය සංගමය අනතුරු අඟවයි!

රටක් ලෙස ශ්‍රී ලංකාව තවමත් අවදානම් තත්ත්වයෙන් මිදී නැතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය මාධ්‍ය හමුවකදී පැවසුවේ, තවදුරටත් දෛනිකව රෝගීන් 2000 කට වැඩි පිරිසක් මෙරටින් හඳුනා ගන්නා බවත් ඊට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් සමාජයේ සිටින බව ඉන් කියැවෙන බවත් ය.

”දැනටත් 2,000කට වඩා රෝගීන් ප්‍රමාණයක් දිනකට ඒකෙන් අපි කියනවා, සමාජයේ රෝගීන් 6,000කට වඩාවත් ඉන්නවා කියන එක”

ඩෙල්ඩා ප්‍රභේදය මේ වනවිට රට පුරාම පැතිරී යාම වැනි කරුණු දෙස අවධානය යොමු කිරීමේදී රට අවදානම් තත්ත්වයෙන් මිදී ඇති බවට කිසිසේත් ප්‍රකාශ කළ නොහැකි බව ද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළා ය.

විශේෂඥ වෛද්‍යවරිය අවධාරණය කළේ, පවතින කොවිඩ් රැල්ල යම් බැස්මකට නතුව ඇති අවස්ථාවක වඩා වැදගත් වන්නේ, යළි රැල්ලක් ඇති වීම වළක්වා ගැනීම සඳහා සියලු දෙනා පියවර ගැනීම බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?