අද සිට රජයෙන් ඔබට නොමිලේ ලැබෙන දේ

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ස්ථිර සහ තාවකාලික පදිංචිකරුවන්ට අද සිට නොමිළයේ කොවිඩ් පරීක්ෂණ කර ගැනීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ එලෙස කර ගැනීමට හැකියාව ඇති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා කියා සිටියා.

ඉරිදා හැර අනෙකුත් සෑම දිනයකම බොරැල්ල කැම්බල් පිටියේ දී පෙරවරු 09 සිට දහවල් 12 දක්වා නොමිළයේ කොවිඩ් පරීක්ෂණ සිදුකර ගත හැකියි.