AFC Banner
Empty Ad
Empty Ad

පුහුණු උපාධිධාරීන්ට සතුටුදායක පුවතක්

උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙල යටතේ බඳවාගෙන දැනට පුහුණුව ලබමින් සිටින උපාධිධාරීන් 53,000 ක පිරිස මාස තුනක් ඇතුළත රාජ්‍ය ආයතනවල රැකියා සඳහා අනුයුක්ත කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇති බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

මෙම උපාධිධාරීන්ගේ පුහුණු කාලය තව මාස හයකින් දිගු කිරීමේ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ බව කී ඇමතිවරයා එසේ කිරීම සාධාරණ නැති බව එහිදී ජනාධිපතිවරයා පැවසූ බව අමාත්‍යවරයා පවසයි.

එම උපාධිධාරීන් කඩිනමින් රැකියා සඳහා යොමුකිරීමේ වගකීම ජනාධිපතිවරයා විසින් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර යන මහත්වරුන්ට පැවරූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එම උපාධිධාරීන්ට ලබාදෙන රුපියල් 20,000 ක දීමනාව පිළිබඳ ගැටලුවක් ඇත්නම් ඒ ගැන සොයා බලා හිඟ මුදල් සමඟ ලබාදෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?