මට මගේ මහත්තයාගේ කරදර දරාගන්න බෑ

යුද හමුදා බුද්ධි අංශයේ සෙබළුන් පිරිසකගේ සහායෙන් සිය සැමියා ඝාතනය කළ බව කියන මට්ටක්කුලිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනියක් කොළඹ උතුර අපරාධ කොට්ඨාසය විසින් ඊයේ අත්අඩංගුවට ගත්තේය.

ඇයට සිය සැමියා ඝාතනය කිරීමට සහාය දුන් හමුදා බුද්ධි අංශ සෙබළුන් හත්දෙනකුද මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවේ.

සැකකාර ග්‍රාම නිලධාරිනිය සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය හමුදා කෝප්‍රල්වරයකුද අත්අඩංගුවට ගත් පිරිස අතර වේ.

අත්අඩංගුවට ගත් හමුදා කෝප්‍රල්වරයා හා සෙබළුන් කොළඹ උතුර හමුදා කඳවුරක සේවය කරන්නවුන් බව පොලිසිය කියයි. 

ඔවුන් මට්ටක්කුලිය ප්‍රදේශයේ රාජකාරිවල නිරත වූවන්ය. මෙසේ රාජකාරි කරද්දී ඇතිවූ දැන හඳුනා ගැනීම මත හමුදා කෝප්‍රල්වරයා හා ග්‍රාම නිලධාරිනිය අතර අනියම් සබඳතාවක් ඇතිවී ඇතැයි කියති.

පසුව මොවුන් දෙදෙනාගේ මෙම අනියම් සබඳතාව ග්‍රාම නිලධාරිනියගේ සැමියාට දැන ගන්නට ලැබීමත් සමඟ දෙදෙනා අතර ආරවුල් ඇතිවී තිබේ. ඉන් අනතුරුව ග්‍රාම නිලධාරිනිය සැමියා විසින් ඇයට කරන අඩන්තේට්ටම් අනියම් හමුදා පෙම්වතාට පවසා තිබේ.

ඉකුත් 15 වැනිදා ග්‍රාම නිලධාරිනියගේ සැමියා ඝාතනය කොට ඔහුගේ සිරුර මෝදර කාකදූපතේ තිබියදී මෝදර පොලිසිය විසින් සොයාගෙන තිබිණි. පොලිසිය ඔහුගේ සිරුර සොයා ගන්නා විටත් අත්පා ගැට ගසා තිබිණි. ඒ අනුව මියගිය අයගේ සිරුර ඝාතනයක් බවට සැකකළ නිලධාරීන් පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් පසු විමර්ශනයක් අරඹා තිබේ.

ඒ වන විට කොළඹ උතුර කොට්ඨාස භාරව සිටියේ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාය. ඔහුගේ අධීක්‍ෂණය මත මේ සම්බන්ධ විමර්ශන ඇරැඹුණු අතර මෝදර පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් මියගිය පුද්ගලයාගේ බිරිය වන ග්‍රාම නිලධාරිනියගෙන්ද ප්‍රකාශ ලබාගෙන තිබිණි.

පසුව සිද්ධිය සම්බන්ධ විමර්ශන කොළඹ උතුර අපරාධ කොට්ඨාසය වෙත භාර කෙරිණි.

ඒ අනුව ඇරැඹි විමර්ශනයේදී හෙළි වූයේ මියගිය පුද්ගලයාගේ බිරිය හා හමුදා කෝප්‍රල්වරයකු අතර ඇතිවූ අනියම් සබඳතාවක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවය. ඔහු ඝාතනයට ලක්වී තිබුණේ අගෝස්තු මස 14 වැනිදාය.

මෙසේ ඝාතනයට ලක්වී තිබුණේ අකිල නමැති අයෙක් බව පොලිසිය කියයි.

මෙම තැනැත්තා සිය යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී ජීප් රියකින් පැමිණි මෙම සැකකරුවන් ඔහුව බලහත්කාරයෙන් ජීප් රියට නංවාගෙන පැහැරගෙන ගොස් ඇති බවට කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පසුව ඔහුගේ අත්පා ගැට ගසා පහරදී ඝාතනය කිරීමෙන් අනතුරුව කැලණි ගඟට සිරුර විසිකොට ඇත. ඒ මෙම ඝාතනය සදා අබිරහසක් කරන්නටය. එහෙත් සිරුර පසුව මෝදර කාක දූපතට ගොඩ ගසා තිබිණි.

විමර්ශනයේදී හෙළිවී ඇත්තේ අත්අඩංගුවේ පසුවන බුද්ධි අංශ කෝප්‍රල්වරයා හා ග්‍රාම නිලධාරිනිය දින කිහිපයක් තිස්සේ මෙම ඝාතනය සිදුකිරීමට සැලසුම් කර ඇති බවය. හමුදා නිලධාරීන්ට සහාය දුන් තවත් පුද්ගලයකු ගැනද පොලිසියට තොරතුරු වාර්තා වී ඇත.

කොළඹ උතුර කොට්ඨාස භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය, වත්මන් කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අමල් එදිරිමාන්න, පොලිස් අධිකාරි අජිත් අබේවර්ධන, සහකාර පොලිස් අධිකාරි අනුරාධ මහින්දසිරි යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය හා උපදෙස් මත කොළඹ උතුර අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්‍ෂක ප්‍රියන්ත ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳ විමර්ශන සිදු කරති.

සැකකාරිය හා සැකකරුවන් 7 දෙනා රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීමට නියමිතය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් කොළඹ උතුර අපරාධ කොට්ඨාසය මඟින් යුද හමුදා බුද්ධි අංශ කෝප්‍රල්වරයකු ඇතුළු හයදෙනකු අත්අඩංගුවට ගැනීමට අදාළව ශ්‍රී  ලංකා යුද්ධ හමුදා පොලිස් සේවා බළකායද පුළුල් විමර්ශනයක් අරඹා ඇත.

ඒ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නියෝග මතය.

යුද හමුදා පොලිසිය මෙම විමර්ශනය අරඹා ඇත්තේ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති හමුදා කෝප්‍රල්වරයා ඇතුළු සෙබළුන් මෙම ඝාතනයට සම්බන්ධ දැයි අනාවරණය කර ගැනීමටය.

අදාළ ඝාතනයට යුද හමුදා සාමාජිකයකු වැරැදිකරු වුවහොත් ඔහුට එරෙහිව අපරාධ නීතියට අනුව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස යුද හමුදාපතිවරයා අදාළ පාර්ශ්වයන්ට මේ වන විට උපදෙස් දී තිබේ.

කීර්ති මෙන්ඩිස්

මව්බිම

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40