සෞඛ්‍ය ඇමති පවා නොමඟ යැවූ නිරෝධායන මගඩියේ අලුත් කතාව

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ව හෝටල් නිරෝධායනය සඳහා යොමු කරමින් ඔවුන් ගසාකෑමේ ක්‍රියාදාමය වහා නතර කළ යුතු බව ශ්‍රී ලංකා රසායනාගාර වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසනවා.

අදාළ සිදුවීම පිළිබඳව මේ වනවිට පාර්ශව රැසකගේ අවධානය යොමුව ඇත්තේ හිරු ප්‍රවෘත්ති හරහා අදාළ සිද්ධිය අනාවරණය කිරීමත් සමඟයි. දිනකට දෙස් විදෙස් සංචාරකයින් 2,000 ක් පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් මේ දිනවල මෙරටට පැමිණෙන්නේ පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේයි. එලෙස පැමිණෙන සියලුදෙනාම මෙරටට ඇතුලුවීමට පෙර පැය 72 කට පෙර විදෙස් රටවලදී කොවිඩ් පරීක්ෂණයකට මුහුණදිය යුතු වනවා. 

කටුනායක ගුවන් තොටුපල තුළදීම කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට හැකියාව තිබියදී මෙරටට බලධාරීන් විදෙස් රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් හෝටල් නිරෝධායනයට යොමුකරමින් දැඩි අපහසුතාවට පත් කරන බවට චෝදනා එල්ලවනවා. මේ පිළිබඳව අප කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ හෝටල් නිරෝධායනය සඳහා යොමු කරන්නේ විදේශීකයන් පමණක් බවට අදාළ අංශ විසින් තමාට දැනුම් දී ඇති බවයි.

 ඒ අනුව විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රීලාංකිකයන් පිළිබඳව බලධාරීන් සිදුකර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යවරයාව පවා නොමඟ යැවීමක් නොවේද? ඒ අනුව කොවිඩ් පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරන පැය 12 කටත් අඩු කාලසීමාවක් සඳහා හෝටල්වල නිරෝධායන කාලසීමාවකට යොමුකරමින් ජනතාවගෙන් අධික මුදලක් ගසාකෑමට ඉඩකඩ සළසා ඇති බවයි පිරිස් චෝදනා කරන්නේ. මේ සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් කළ විමසීමකදී සඳහන් කළේ, සෞඛ්‍ය අංශ නිර්දේශ ඉදිරිපත් කරන්නේ නම් විදෙස්ගතව සිට පැමිණෙන අය සඳහාද ගුවන් තොටුපොළ තුළදී රැපිඩ් පී.සී. ආර් පරීක්ෂණ සිදුකිරීමට හැකියාවක් පවතින බවයි. මේ පිළිබඳව පසුගියදා අප කළ සොයා බැලීමකදී හෙළිවුණේ එක් තරු පන්තියේ හෝටලයක් දිනක් සඳහා තනි පුද්ගලයෙකු රැඳී සිටින කාමරයකට ඩොලර් 170 ක් හෙවත් රුපියල් 34,000 ක පමණ මුදලක්ද, දෙදෙනෙකුට රැඳී සිටිය හැකි කාමරයක් සඳහා ඩොලර් 210ක් හෙවත් රුපියල් 42,000 ක පමණ මුදලක් අය කරනු බවයි. ඊට අමතරව කොරෝනා පරීක්ෂණයකට ඩොලර් 40ක්, රක්ෂණ ගාස්තු වශයෙන් ඩොලර් 12ක්, ගුවන් තොටුපොළ ප්‍රවාහන ගාස්තු වශයෙන් ඩොලර් 55ක් ද එම හෝටලය මගින් අයකර ගනු ලබනවා.

 තවත් හෝටලයක් තනි පුද්ගලයෙකු රැඳී සිටින කාමරයක් සඳහා ඩොලර් 231ක් හෙවත් රුපියල් 46,000 ක පමණ මුදලක් ද දෙදෙනෙකුට රැඳී සිටිය හැකි කාමරයක් සඳහා ඩොලර් 265ක් හෙවත් රුපියල් 53,000 ක පමණ මුදලක් ද අයකර ගන්නා බවට තොරතුරු හෙළිවුණා. ඊට අමතරව එම හෝටලය ද කෙරෝනා පරීක්ෂණයකට ඩොලර් 40 ක්, රක්ෂණ ගාස්තු වශයෙන් ඩොලර් 12 ක්, ගුවන් තොටුපොළ ප්‍රවාහන ගාස්තු වශයෙන් ඩොලර් 55ක මුදලක් අය කරනු ලබනවා. තවත් තරු පන්තියේ හෝටලයක් තනි පුද්ගලයෙකු රැඳී සිටින කාමරයක් සඳහා ඩොලර් 235ක් හෙවත් රුපියල් 47,000 ක පමණ මුදලක් ද දෙදෙනෙකුට රැඳී සිටිය හැකි කාමරයක් සඳහා ඩොලර් 297ක් හෙවත් රුපියල් 60,000 ක පමණ මුදලක් ද ඇතුළුව තවත් පහසුකම් සඳහා මෙලෙස අධික මුදලක් අයකර ගන්නා බවයි හිරු ප්‍රවෘත්ති කළ සොයා බැලීමේදී අනාවරණය වුණේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා රසායනාගාර වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් ප්‍රකාශ කළේ අවසර ලබාදෙන්නේ නම් පැය තුනක් වැනි කෙටි කාලයක් තුළදී අදාළ පරීක්ෂණ පැවැත්වීමට හැකියාව පවතින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම - මිත්තණිය සහ පුංචි පුතා එළොව යයි
02:29
Video thumbnail
සලේ කියලා අමුතු මිනිහෙක් නෙවෙයි..අපි හිරේ ගියත් මෙච්චරයි - කන බොන එක තීරණය කරන්නෙ තමන්මයි
01:16
Video thumbnail
බස් ගාස්තු ගැන අහද්දි මාලිමා මන්ත්‍රීට යකා නගියි - සහනය ජනතාවට ලැබිලනේ යකෝ
03:14
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19