AFC Banner
Empty Ad
Empty Ad

ධාවන ශූරී සුසන්තිකා ජයසිංහට කොරෝනා

ඔලිම්පික් පදක්කම්ලාභී, හිටපු සුපිරි ධාවන ශූරී සුසන්තිකා ජයසිංහට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වනවා.

අසනීප තත්වයක් හේතුවෙන් ඇය කළ පී.සී.ආර්. පරීක්ෂණයකින් පසුව මෙසේ ඇයට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

වාර්තාවන පරිදි ඇගේ දරුවන් දෙදෙනාටද, කොරෝනා වැළඳී තිබෙන අතර ප්‍රතිකාර සඳහා තමා ඉක්මණින්ම යොමුවන බව ඇය ඊයේ (13) දහවල් කළ විමසුමකදී සඳහන් කළා.

වසර 2000 සිඞ්නි ඔලිම්පික් උළෙලේදී මීටර 200 (කාන්තා) ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගනිමින් ලොව පුරා අවධානය දිනාගත් මේ වනවිට 47 හැවිරිදි වියේ පසුවන සුසන්තිකාට පසුව රිදී පදක්කම ප්‍රදානය කෙරුණා. ඇය දිනා ඇති ලෝක ශූරතා පදක්කම් ගණන 02කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?