Empty Ad
Empty Ad
AFC Banner

වසංගතයට ගොදුරු වූ පාසල් සිසුවියගේ මරණ පරික්ෂයෙන් හෙළිවූ භයානක කතාව

කොවිඩ් නිව්මෝනියාව වැළඳීම නිසා සිරුරේ බහුවිද අවයව අකර්මණ්‍ය වීමෙන් 18 හැවිරිදි පාසල් සිසුවියක් මියගොස් ඇති බවට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී ඊයේ (13) දිනයේ පැවති පශ්චාත් මරණ පරික්ෂණයකදී අනාවරණය වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල මාදම්පා විද්‍යාලයේ 12 වසරේ ඉගෙනුම  ලබන සිසුවියක්. ඇය ඉඩම්තොට මාදම්පේ, අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් ද වෙනවා. 

මිය ගිය පාසල් සිසුවියට පසුගිය 10 වැනිදා උණ රෝගය වැළැඳී තිබෙන අතර ඇයගේ ගෙලෙහි නහරවල කුඩා ගැටිති මතුවි ඇති අතර වමනය කර ඇති බවත් සඳහන්.

පසුව දැරියව බලපිටිය රෝහලට ඇතුලත්කොට ඇති අතර බලපිටිය රෝහලින් කරාපිටිය රෝහලට මාරු කොට තිබුණා. 

එහිදී කරාපිටිය රෝහලේ දි කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි මෙකි සිසුවියට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවී තිබෙනවා.

අදාළ පාසල් සිසුවිය පසුගිය 12 වැනිදා දහවල් රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදි රෝගී තත්වය උත්සන්න වී ඇති අතර එදින රාත්‍රි 10.45ට පමණ දැරිය මියගොස් තිබුණා.

මියගිය දැරියගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේඛ හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් සිදුකරණු ලැබුවා. 

පශ්චාත් මරණ පරික්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර මහතා විසින් සිදුකළ අතර  ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරයා කොවිඩ් නිව්මෝනියාව ආසාදනය විමෙන් සිරුරේ බහුවිද අවයන අකර්මණ්‍ය විමෙන් මරණය වි ඇති බවට තීන්දු කළා.

(ලලිත් චාමින්ද – ගාල්ල) am

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලීප් වෙදආරච්චි පාර්ලිමේන්තුව දෙවනක් කරයි - අම්මෝ අම්මෝ එහෙම සද්දයක්
05:10
Video thumbnail
මහින්ද රාජපක්ෂට යළි ආණ්ඩුවෙන් ආරක්ෂා..?
07:12
Video thumbnail
පාඨලීගෙන් ලාල් කාන්තටත් - ආණ්ඩුවටත් අමුතු පාඩමක්
13:38
Video thumbnail
ජනපති දැන් ප්‍රතිපත්ති වෙනස් කරගෙන - දෙන දෙයක් හැමෝටම ලබාදෙන්න
06:50
Video thumbnail
පොලිස් නිළදාරියාගේ KDH එකේ - මගේ කිරි හරකෙක් ඇරන් ගිහින් - අද වෙනකන් නඩුවත් නෑ
27:11
Video thumbnail
පට්ට හොරෙක් ගැන චාමර සම්පත් කියයි
07:34
Video thumbnail
ලබන සැරේ මීට වඩා හාල් අර්බුධයක් ඇතිවෙන්න පුළුවන්
02:35
Video thumbnail
රටේ තුන්වන පුරවැසියා ලොකු වංචාවක් කළේ - මේක ජනතා විශ්වාසය බිඳීමක් නෙවෙයිද?
05:45
Video thumbnail
අජිත් පී පෙරේරාට රතු කට්ට පනී - පාර්ලිමේන්තුවේ යකා නටයි
14:09
Video thumbnail
නාමල් රාජපක්ෂගේ නිරුවත පෙන්නන පොහොට්ටු මාධ්‍යහමුව
09:21

?