AFC Banner
Empty Ad
Empty Ad

කොරෝනා දින 6ක බිළිඳාවත් අරන් යයි

දින 6ක බිළිඳෙක් කොවිඩ් ආසාදිතව මියගිය පුවතක් බලංගොඩ මූලික රෝහලෙන් වාර්තා විය.

බලංගොඩ, බෝම්බුව ප්‍රදේශයේ පදිංචි මවක් ඉකුත් 5වැනිදා එම බිළිඳා බිහිකර තිබුණි.

පසුව මෙම බිළිඳාට හුස්ම ගැනීමේ අපහසුතාවයක් හට ගෙන ඇති අතර පසුව බිළිඳා රෝහලේ නොමේරූ ළඳරු ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන තිබේ.

එසේ ප්‍රතිකාර ලබමින් සිටියදී දින 6කට පසුව එනම්, ඊයේ (12) එම බිළිඳා ඉතා අවාසනාවන්ත ලෙස මියගිය තිබුණි.

පසුව සිදුකළ PCR පරීක්ෂණයකින් මියගිය බිළිඳාට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරුවී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?