දීර්ඝ කාලීනව මුව ආවරණ පැළඳීම නිසා ඇති වන මරාන්තික රෝගයක් ගැන හෙළිදරව්වක්

මේ වනවිට ‘කළු පුස් දිලීරය’ ආසාදනය වූ රෝගීන් කිහිපදෙනකු මෙරටින් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශවලින් තොරතුරු වාර්තා වේ. කොරෝනා වයිරස් ආසාදනයට ඍජු බලපෑමක් නැතත් දීර්ඝ කාලීනව මුව ආවරණ පැලඳීම හේතුවෙන් මෙරට තුළත් ‘කළු පුස් දිලීරය’ ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇතැයි වෛද්‍යවරු පෙන්වා දෙති.

දැනටමත් ‘කළු පුස් දිලීරය’ ආසාදනය වූ පිරිමි පුද්ගලයකු ජාතික රෝහලේ මහාචාර්ය ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් මේ වනවිට ඔහු වකුගඩු ආශ්‍රිත රෝගයකින් පෙළෙන නිසා ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය තරමක අසාධ්‍ය බවත් අභ්‍යන්තරව අප කළ තොරතුරු විමසීමකදී හෙළි විය. 

එම රෝගියාගේ නාසය අභ්‍යන්තරයේ සහ එක ඇසකට ‘කළු පුස් දිලීරය’ ආසාදනය වී ඇති බවට තොරතුරු වාර්තා වේ. එම පුද්ගලයාට මින් පෙර කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ අයකු බවත් හෙළි වේ. තවදුරටත් කළ විමසීමකදී හෙළි වුණේ තවත් එවැනි රෝගීන් කිහිපදෙනකුම ප්‍රතිකාර ලබාගෙන ඇති බවයි. 

‘කළු පුස් දිලීරය’ සම්බන්ධයෙන් මින් පෙර තොරතුරු හෙළි වූයේ ආසාදිත රෝගීන් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකින්ම වාර්තා වීමත් සමඟය. දීර්ඝ කාලයක් එකම මුව ආවරණය පැලඳීම හා අපිරිසුදු මුව ආවරණ පැලඳීම මඟින් මේ දිලීරය ආසාදනය වන බවට හෙළිවේ.

‘කළු පුස් දිලීරය’ ආසාදිත බවට හඳුනාගෙන ඇති රෝගීන් කිහිපදෙනා අතර ප්‍රතිශක්තීකරණයෙන් දුර්වල පුද්ගලයන් සිටින බවටත් ඔවුන් දීර්ඝ කාලීන දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයන් සහ වකුගඩු බද්ධ කිරීමේ සැත්කම්වලට භාජන වූ අයවලුන් බවටත් තොරතුරු වාර්තා වේ.

සවනි ශේශාධි

මව්බිම

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේව බේරාගන්න විපක්ෂ ප්‍රබලයෝ පාරට බහී
06:49
Video thumbnail
පැමිණි බසයටම ය#වී එළොව ගිය මගියා..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:46
Video thumbnail
වැලිගම හදිසියේ හටගත් ගින්න නිසා ඇති වූ උණුසුම් තත්ත්වය
02:28
Video thumbnail
"පච කියන්න එපා..කෙ#විලාම යන්නේ ආ" චමින්ද කුපිත වී හොඳම එකෙන් දෙසයි
12:09
Video thumbnail
රාජපක්ෂලාට හොරු කිව්වට තාම කිසිම හොරෙක් අල්ලලා නෑ
02:56
Video thumbnail
කපිලව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකගේ කාමරයට ගිහින් ප්‍රකාශ බලෙන් ලබාගෙන ?..නීතිඥයෙක් සියල්ල හෙළිකරයි
03:05
Video thumbnail
වැඩි මිලට පෙට්‍රල් සහ ඩීසල් විකිණූ පුද්ගලයෙක් අත්අඩංගුවට
00:43
Video thumbnail
ඊශ්‍රායලය ගැන ට්‍රම්ප් කුපිත වෙයි - ලෝකයම අමාරුවේ දාන ගෑස් නිධි ප්‍රහාර
07:41
Video thumbnail
ඔයාලා එදා හිනා වුණානේ - ඕක තමයි දෛවයේ සරදම
04:46
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47