පියාට පහර දිලා මැරුවද? අවුරුදු 4කට පසු සිය දරුවෙකු අත්අඩංගුවට

තේ අපනයන සමාගමක හිමිකරුවකු මෙන්ම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ ගුලාන් හුසේන් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ බාල පුතා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා

2017 මැයි මස 9 වැනි දා මෙම ව්‍යාපාරිකයා මරණයට පත්වූ අතර ඔහුගේ මරණය ස්වභාවික මරණයක් ලෙස තීන්දු කර කෝට්ටේ ප්‍රදේශයේ සුසාන භූමියක කර මිහිදන් කෙරුණා

මෙම මරණය සම්බන්ධයෙන් මරණය සිදුව වසර 2කට පමණ පසු ඇති වූ ඇති වූ සැකය මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබෙනවා

ඒ අනුව 2019 වර්ෂයේදී ව්‍යාපාරිකයාගේ මළ සිරුර ගොඩගෙන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන් තිදෙනකුගේ අධීක්ෂණයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වුණා

එහිදී නිරීක්ෂණය වී ඇත්තේ ව්‍යාපාරිකයාගේ හකු ඇටයක පිපිරීමක් හා වම්පස ඉල් ඇටයක පිපිරීමක් සිදුවී ඇති බවයි

එය මොට බලයකින් සිදු වූ බාහිර තෙරපුමකින් සිදුවූවක් බවත් මෙලෙස මොට ආයුධයකින් පහර දී ඇත්තේ ගෙල ටයි පටියකින් සිර කිරීමෙන් බව වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා

අත්අඩංගුවට ගත් තිස්හත් හැවිරිදි සැකකාර බාල පුතු ව්‍යාපාර කටයුතුවල නියැළෙන්නෙක් වන අතර දේපල ලබා ගැනීමේ අරමුණින්  මෙම ඝාතනය කර ඇත්දැයි පරීක්ෂණ මෙහෙයවනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරන් පොරවාගෙන නාමල්ව බලන්න උසාවියට ආපු හිටපු බස්නායක නිලමේ
01:13
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඇදහැළුණු වැස්සත් එක්ක බණ්ඩාරවෙල නගරය යටවෙයි
00:42
Video thumbnail
කාන්තාවකට ජීවිතය අහිමි කළ අකුණු සැ# - කරේ තිබ්බ මාලෙට වැදිලා තියෙන්නේ
02:26
Video thumbnail
ඔයාලා පාර්ලිමේන්තුවට යනකොට ගඳක් එනවා නේද..?
01:52
Video thumbnail
ඉදිරි මාස 03ට ඩීසල් සදහා ඩීසල් සදහා ඉන්ධන සහනාධාරයක්
01:28
Video thumbnail
2029ට පෙර මේ ආණ්ඩුව පෙරළන්න බෑ
02:39
Video thumbnail
රත්මලාන කොතලාවලපුර ශ්‍රී විජිතාරාම විහාරස්ථානයට ගිය සජිත් ප්‍රේමදාස
07:01
Video thumbnail
රටට අවශ්‍ය ප්‍රදර්ශන බෞද්ධකම නොව ප්‍රායෝගික බෞද්ධකමයි
05:36
Video thumbnail
ජනාධිපතිගේ වැඩ දරාගන්න බැරුව හිතේ අමාරුවට කතා කියනවා
02:22