අභිරහසක් ඉතිරිකරමින් පොලිස් නිලධාරියෙකු මියයයි

පොලිස් විශේෂ කාර්යය බළකායට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් සිය සේවා ගිනි අවියෙන් වෙඩිතබා ගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා

මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකුයි.

අදාළ නිලධාරියා සියදිවි හානිකරගෙන ඇත්තේ පුත්තලම – අනුරාධපුර මාර්ගයේ පහේ කණුව ප්‍රදේශයේ පිහිටි විශේෂ කාර්යය බළකා කඳවුරේදීයි.

සියදිවි හානිකරගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා