අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන තීරණය සතියක් තුළ..

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ලබන සතිය තුළ අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය මාර්තු මාසයේ පැවති සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්වල ප්‍රායෝගික පරීක්ෂණ මෙතෙක් සිදුනොකිරීම හේතුවෙන් විභාග ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වී ඇති බව වාර්තා වේ.

ගුරු වෘත්තිය සමිති ආරම්භ කර ඇති වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් සෞන්දර්ය විෂයන්වල ප්‍රායෝගික පරීක්ෂණ සිදුකිරීමට නොහැකි වී ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම නිසා ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වී ඇති අතර ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ලබන සතිය තුළ අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලින් ඉවත් වීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසා සිටියේ, ප්‍රතිඵල ප්‍රමාද වී ඇත්තේ ගුරු වර්ජනය නිසා නොව කොවිඩ් වසංගතය හේතුවෙන් බවය.

මේ වන විට රජය විසින් ප්‍රායෝගික පරීක්ෂණයේ ලකුණු එකතු නොකර විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ සුදානම් ඇති බව ද ඒ මහතා පැවසීය.

මේ අතර රටට අවශ්‍ය නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසෙමින් පවතින සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ පාසල්වල පවතින විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා නිසි ක්‍රමවේදයක් කඩිනමින් සැකසිය යුතු බවය.

පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදී අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම අදහස් පළ කර තිබේ.

ශ්‍රී ලංකාවේ නීතිය විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සඳහා වන තාක්ෂණික කමිටු වාර්තාව සති දෙකක් ඇතුළත ඊට අදාළ අනුකාරක සභාවට ලබාදීමට නියමිත බව ද උපදේශක කාරක සභාවේදී අනාවරණය වී තිබුණි.

වර්තමානයේ මතුව ඇති ගුරු – වැටුප් විෂමතා විසදීම පිළිබඳව සහ ගුරුවරුන් ස්ථානගත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව ද මෙහිදී වැඩිදුරටත් අවධානය යොමු වූ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් යන පා ගමන - සංඝ රත්නය සමඟ මහ සෙනඟක් එයි
03:17
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07