ජනාධිපතිටත් පාර වසා ඇමතියෙක් වාහන පෙලපාලියකින් යයි – කේන්ති ගිය ජනපති හොඳටම බනී

2022 අයවැය සඳහා සූදානම් වන මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඊට අදාළ මාධ්‍ය ක්ෂේත‍්‍රයේ තොරතුරු සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය මාධ්‍ය ආයතනවල ප‍්‍රධානීන්ගේ හමුවක් කැඳවනු ලැබීය. සිකුරාදා උදේ මුදල් අමාත්‍යාංශයේ දී එම හමුව පැවැත්විණි. ජනමාධ්‍ය අමාත්‍ය ඩලස්, මුදල් ලේකම් හා ජනමාධ්‍ය ලේකම් ද මේ සඳහා පැමිණ සිටියහ.

”අපි මේ පාර ඉදිරිපත් කරන්නේ කර්මාන්ත නගාසිටුවීමේ අයවැයක්. කර්මාන්ත නගා සිටුවීම තුළින් ආර්ථික සංවර්ධනය තමයි අපි ඉලක්කය…”

මෙසේ කතාබහ ආරම්භ කළ ඇමතිවරයා ඉන්පසුව සුභවාදීව මෙම කොවිඞ් වසංගතයෙන් පසුව රට ගොඩනගන ආකාරය ගැන ද සාකච්ඡා කළේය…

”කොවිඞ් සුවපත් කරන්න පුළුවන් වේවි. හැබැයි කොවිඞ් නිසා බිඳ වැටුණ ජනතාවගේ මානසිකත්වය සුවපත් කරන්න ගොඩක් කල්යාවි. මේ ගෙදර දරුවා අල්ලපු ගෙදර දරුවා එක්ක සෙල්ලම් කරන්නෙ වත් නැති සමාජයක් තමයි දැන් දැන් නිර්මාණය වෙලා තියෙන්නේ…”

මේ අයුරින් කතාබස් කරමින් සිටින අතරවාරයේ බැසිල් හරි අපූරු කතාවක් කීවේ ජනාධිපතිතුමා පසුගිය දිනක මුහුණ පෑ සිදුවීමක් ගැන ය…

”ජනාධිපතිතුමා කොහේදෝ ගමනක් ගිහින් එනවා. එනකොට කලර් ලයිට් තියන හතරමං හන්දියක එකපැත්තක පාර වහලා. අනිත් පැත්තට විතරක් පාර ඇරලා… මේ වගේ දේවල් දැක්කහම එතුමට කේන්ති යනවා…’

ඇයි මේ විදිහට මට යන්න පාරවල්වල පැත්තක් වහන්නේ කියලා ජනාධිපතිතුමා ආරක්ෂක නිලධාරීන්ට හොඳටම බැන්නාලූ?..” ඒත් පාර වහන්න කියලා නිලධාරීන් කියලා නෑ. නමුත් නිලධාරීන් බැණුම් අහගෙනම ගිහිල්ලා වෙලා තිබුණෙ මොකක්ද කියලා හොයාගෙන ජනාධිපතිතුමාට කියලා.

බැලින්නම් ජනාධිපතිතුමා එන්න මොහොතකට කලින් එතනින් අපේ ඇමැති කෙනෙක් ගිහින්. එක දිගට වාහන අටයිලූ. ඒකට තමයි පාර වස්සවලා තියෙන්නෙ…”

”ඇත්තටම එහෙම උනාම මිනිස්සු බණින්නේ ජනාධිපතිතුමාට… කවුද ඉතින් ඒ ගිය ඇමැති…”

”ඔන්න මම නං නෙමෙයි…” බැසිල් කීවේය.

”ඔන්න මමත් නෙවෙයි…” ඩලසුත් කීවේය. සියල්ලෝම හඬනගා සිනාසෙන්නට පටන් ගත්හ.

මේ අතර ගුවන් විදුලිය වෙනුවෙන් සභාපති හඞ්සන් සමරසිංහ ලොකු අවනඩුවක් කියන්නට පටන් ගත්තේය.

”මේවා ගොඩ ගන්න බැරි විදියට වට්ටලා තියෙන්නෙ. මේ පාපෙට කරගහලා මමත් දැන් මාස දෙකක් වෙනවා…”

”මටත් ඕකමනේ වෙලා තියෙන්නේ… මමත් මේකට කර ගහලා මාස දෙකයි දවසයි. ඔබට වඩා දවසයි වැඩි. නමුත් ඉතින් මම නං මේක කරුමයක් හැටියට සලකන්නෙ නෑ. මේ ආර්ථිකය නගා සිටුවන්න අපි අපිට පුළුවන් හැම දෙයක්ම කරනවා. මේවා අභියෝග. අභියෝග දමල පැනලා දුවන්න අපිට බැහැ…

අනිත් එක තමයි ආයතනයක් කරනකොට හොයන්න ඕන සේවකයෝ ඉන්නේ සතුටින් ද කියලා. සේවකයෝ සතුටින් නැති කිසිම ආයතනයක් දියුණු වෙන්නේ නෑ…” බැසිල් හොඳ අවවාදාත්මක කතාවක් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18