උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගවලට අදාළ සිසුන්ගේ විභාග අයදුම්පත්‍ර ලබන 15 වැනිදාට පෙර යොමු නො කරන්නේ නම්, ඒ පිළිබඳ වගකීම පෞද්ගලික ව භාර ගත යුතු බවට දන්වමින් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යංශය මඟින් ලිපියක් යොමු කර ඇති බව ගුරු – විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
එම සන්ධානය සඳහන් කළේ, වැටුප් විෂමතා ගැටලුවට එරෙහි ව ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය යටතේ ඔවුන් සිසුන්ගේ විභාග අයදුම්පත්‍ර විභාග දෙපාර්තමේන්තුව වෙත යොමු නො කර සිටීමට තීරණය කර ඇති බවයි.
කෙසේ වෙතත් අදාළ ගැටලුව සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කිරීමට බලධාරින් විසින් මෙතෙක් අවස්ථාවක් ලබා දී නොමැති බව වර්ජනයේ නිරත ගුරු සංගම් ප්‍රකාශ කළා.ගුරු හා විදුහල්පති සංගම් කිහිපයක් ආරම්භ කර ඇති ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ද අද 62 වැනි දිනටත් ක්‍රියාත්මක යි.














රජය ගුරු වැටුප් නොදී බලෙන් වැඩ ගැනීමට උත්සාහය.පුලුවන්නම් ගුරු වරු වෙනුවට හමුදාවෙන් යොදවල උගන්වයි.එහෙමට නූගතුන් අද රට පාලනය කරන්නේ.
warjana karana gurunta sathayakwath denna epa. paasal wivurtha kala pasu wadata nopaminena gurunge wada thahanam kala yuthuyi. mun gurun noweyi, horu