භාණ්ඩ හිඟයක් හෝ මිල වැඩිවීමක් සිදු වේවිද? වෙළඳ ඇමති බන්දුලගෙන් ප්‍රකාශයක්

ගෝලීය හදිසි තත්වය මත මෙරට ආර්ථිකය ආරක්ෂා කර ගැනීමේ පියවරක් ලෙස හදිසි නොවන භාණ්ඩ ආනයනයට කොන්දේසි පැනවූ බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

එමෙන්ම මෙමගින් අදාළ භාණ්ඩ වල මිල වැඩිවීමක් හෝ හිඟ වීමක් සිදු නොවන අතර විනිමය පාලන ක්‍රමවේදයක් ලෙස පමණක් අදාළ තීරණය ගෙන ඇති බවයි වෙළඳ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

පවතින මූල්‍ය අර්බුදය හමුවේ විනිමය අනුපාතිකයේ ස්ථාවරයභාවය සහ විදේශ මුදල් වෙළෙඳපොළේ ද්‍රවශීලතාව ආරක්ෂා කර ගැනීම සඳහා මහ බැංකු මුදල් මණ්ඩලය හදිසි නොවන භාණ්ඩ ආනයනයට මෙලෙස කොන්දේසි පනවනු ලැබූවා.

ඒ අනුව මුදල් මණ්ඩලය තීරණය කළේ, ණයවර ලිපි සහ ප්‍රතිග්‍රහණය මත ලියවිලි ලබාදීමේ කොන්දේසිය යටතේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේදී 100%ක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් පැනවීමටයි.

මේ අනුව යම් භාණ්ඩයක් ආනයනය කිරීමේදී ඊට අදාළ සම්පූර්ණ වටිනාකම ආනයනකරු විසින් වාණිජ බැංකුවක තැන්පත් කළයුතුයි.

ජංගම දුරකථන, විදුලි පංකා, රූපවාහිනී, ශීතරකණ, රෙදිපිළි සහ උපාංග, වායු සමීකරණ, චොක්ලට්, ඇපල්, මිදි, දොඩම්, මෝල්ට්, චීස්, බටර් මෙන්ම මත්පැන් වර්ග සහ දුම්කොළ නිෂ්පාදන, සෙල්ලම් බඩු සහ ලිපි ද්‍රව්‍ය වැනි භාණ්ඩ 623ක් ඒ අනුව අත්‍යවශ්‍ය හෝ හදිසි නොවන භාණ්ඩ ලෙස මහ බැංකුව දක්වා තිබුණා.

මෙමගින් විවිධ ක්ෂේත්‍රවල නිරත වන පුද්ගලයන්ගේ ඉපැයීම් සඳහා බලපෑම් එල්ල වන වටපිටාවක් නිර්මාණය වී තිබෙනවා.

සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් පවසන්නේ සියයට සියයක මුදල් තැන්පතු අවශ්‍යතාවය ඉටු කරමින් සිය ව්‍යාපාරික කටයුතු සිදු කිරීම අපහසු වනු ඇති බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53