තරුණ බිරිඳක් පොලීසියත් මුලාකර සිදුකළ හැටි

පිහියකින් ඇණ තම සැමියා  ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්දව සැකකාර බිරිඳ ඊයේ (09) දිනයේ අත්අඩංගුවට ගත් බව නෙළුව පොලීසිය සඳහන් කළා.

මෙසේ ඝාතනය කොට ඇත්තේ 32 හැවිරිදිවියේ පසුවන අයෙකි. මිය ගිය පුද්ගලයාගේ පපු ප්‍රදේශයට සැකකාර බිරිඳ විසින් පිහියෙන් ඇන ඇති බව පොලිසිය සඳහන් කළේ.

පවුල් ආරවුලක් දුර දිග යාමෙන් මෙම ඝතනය සිදුව ඇති බවට පොලිස් පරික්ෂණවලදි අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ නෙළුව ලේල්වල ජම්බුගස්විල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදිවියේ පසුවන තිදරු මවක්.

සැමියා බිමත්ව නිවසට පැමිණ බිරිදට හිරිහැරකරන බවද පරික්ෂණවලදි අනාවරණය වී තිබෙනවා.

පොලිසියට මුලින්ම මෙම සිද්ධිය වාර්තා වී ඇත්තේ මියගිය තැනැත්තා විසින් පිහියෙන් ඇණගත් බවට වන අතර  කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකළ පශ්චාත් මරණ පරික්ෂණයේ දී මෙය ඝාතනයක් බවට අනාවරණය වී  ඇත. 

පශ්චාත් මරණ පරික්ෂණ වාර්ථාව හා සැකකාරිය විසින් ලබාදෙන සාක්ෂි පරස්පරවිම නිසා පොලිසිය විසින් අදාළ සිද්ධිය පිළිබද පුළුල් විමර්ශනයක් සිදුකොට තිබෙනවා.

එහිදි අනාවරණය වී ඇත්තේ බිරිද විසින් සැමියාට පිහියකින් ඇණ ඇති බවයි.  ඝාතනය සඳහා යොදාගත් පිහියද පොලිසිය මඟින් සොයාගෙන තිබෙනවා.

සැකකාරිය අද (10) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි. නෙළුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.ඒ.ඒ මාරසිංහ මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකාරිය අත්අඩංගුවට ගනු ලැබුවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බීරි අලින්ට හෝන් ගැසීම..කිසි ගානක් නැතුව තමගේ පාඩුවේ යන හැටි
00:44
Video thumbnail
සජිත් කරාපිටිය රෝහල ගැන හෙළිකරපු දේ..මේ සත්‍ය දත්ත මත මම කිව්වේ..සාක්ෂි තියෙනවා
05:11
Video thumbnail
දිවුරුම් ප්‍රකාශ දුන් අය නිසා ජනපතිට යකා නගියි..එහෙම ඉන්න බෑ..ඉවත් කරන්න ඕනි අවදානම් තැන්වලින්
08:19
Video thumbnail
"නිවාස අහිමි වූ ජනතාව නැවත පදිංචි කිරීම කඩිනම් කරන්න"ජනපති මහනුවරට ඇවිත් උපදෙස් දෙයි
01:37
Video thumbnail
කතක් එක්ක පිරිමි දෙදෙනෙක් කරපු වැඩේ බඩුත් එක්කම මාට්ටු..රුපියල් ලක්ෂ 8ක පමණ මත් කරල්
01:20
Video thumbnail
පොහොට්ටුවට දේශපාලන වැස්සක් වැටුණා..මහින්දට කරන අවමානයක් නෙවෙයි මේ..හැමෝම නීතියට යටත්
04:35
Video thumbnail
මහින්ද ගැන ඇහුවම චාමර උත්තර නොදීම පිටව යයි..නීතිඥයන්ට සල්ලි දුන්නද ? අද නොමිලේ
01:58
Video thumbnail
මහින්ද යුගපුරුෂයාට පිළිම හදලා වඳින්න ඕනේ
01:16
Video thumbnail
වැලි කොට්ටා දාලා හදපු මාන්කඩවල වැව් බැම්ම මහ වැස්සෙන් කැඩී‍යයි..කුඹුරු ජලයෙන් යටවෙයි
04:12