අගමැති පාර්ලිමේන්තු කටයුතු ලේකම් උදිත් ලොකුබණ්ඩාර පත් කරයි

අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ධුරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර මහතා පත් කර තිබේ.

උදිත් ලොකුබණ්ඩාර මහතා ඊට අදාළ පත්වීම් ලිපිය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් 09 දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී ලබා ගත්තේය.

උදිත් සංජය ලොකුබණ්ඩාර මහතා කෘතහස්ත දේශපාලඥයකු වූ විජමු ලොකුබණ්ඩාර මහතාගේ දෙටු පුත්‍රයාය. බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් 2009 වර්ෂයේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ උදිත් ලොකුබණ්ඩාර මහතා 2015 වර්ෂය දක්වා 7වැනි පාර්ලිමේන්තුව නියෝජනය කළේය.

අමාත්‍යාංශ උපදේශක කාරක සභා රැසක නියෝජිතයකු ලෙස කටයුතු කළ උදිත් ලොකුබණ්ඩාර මහතා කලක් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙස ද කටයුතු කළේය.

2015 මැතිවරණයෙන් පසුව පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් වශයෙන් ද සේවය කළ ඒ මහතා නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ආදි ශිෂ්‍යයෙකි.

ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හැදෑරූ උදිත් ලොකුබණ්ඩාර මහතා ලන්ඩන් වාණිජ මණ්ඩලයේ අලෙවිකරණ ඩිප්ලෝමාව සහ වරලත් අලෙවි කළමනාකරණ වෘත්තියවේදියෙකු ලෙස ද කටයුතු කර ඇත.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?