ඇදිරි නීතිය තවත් දීර්ඝ කරයි..?

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සහ සංචරන සීමා ඉවත් කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් අද දිනයේ තීරණය කිරීමට නියමිතව ඇත.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායේදී එම තීන්දුව ගැනීමට නියමිතව තිබේ.

කෙසේ වෙතත් රට විවෘත කළ ද ඉන් පසු ක්‍රියාත්මක කළ යුතු දැඩි සෞඛ්‍යය මාර්ගෝපදේශ සකස් කළ යුතු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මේ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඇතුළු වෛද්‍ය සංගම් කිහිපයක් ම ඉල්ලා සිටින්නේ තවත් සතියක් හෝ දෙකක් සංචාරණ සීමා ක්‍රියාත්මක කළ යුතුව ඇති බවයි.

  1. ඔව් තව සති 2ක් ,හෝ මේ මස අවසන් වන තෙක් සංචරණ සීමා දීර්ඝ කල යුතුයි, තියෙන කලබල්ලේට රට ඇරගෙන ආයෙත් හිර වෙනවට වඩා එක හුස්මට පාලනයක් කරගත හොත් ලොකු ජයග්‍රහණයක් වෙයි, ඉන් පසු සියල්ල යථා තත්ත්වයට පත් කර ගත හැකිවෙයි..