ගෝඨාභය රාජපක්ෂ මහත්මයටයි මේ කියන්නේ නන්දසේන රාජපක්ෂ මහත්මයට නෙවෙයි

ප්‍රබුද්ධ විශේෂඥ වෛද්‍යවරුන් ඉවත් වීමෙන් දවසින් දවස කොරෝනා ව්‍යසනය වර්ධනය වීමක් සිදු වන බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.

“එක පැත්තකින් අපිට හිතෙනවා මේක ආණ්ඩුවක් ද එහෙම නැත්නම් සෙල්ලමක් ද සෙල්ලම් ආණ්ඩුවක් ද. සීනි ටිකක්වත් නැහැ. සීනි ටික ගන්නවා සල්ලිවලට සීනි ටික අර ගන්නවා. ඕක ද ආණ්ඩුවක් කියන්නේ. අපේ රටේ අශ්වයා පැන ගියාට පස්සේ තමයි ස්තාලය වහන්නේ. මේ කෙරෝනා ව්‍යසනය තුරන් කරන්න පුළුවන් ද හදිසි නීතිය මගින්. අද මේ වැඩ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ද එහෙම නැත්නම් නන්දසේන රාජපක්ෂ මහත්මයා ද කියල අපට අහන්න තියෙනවා. ආරක්ෂක ලේකම්තුමා කරපු දේවල් තමයි අද ජනාධිපතිතුමා කරන්නේ. 

මේවා එකක්වත් පාර්ලිමේන්තුවේ ලකුණු දාන්න කතා කරන ප්‍රාණ ඇපකාර ඇමතිවරු එක්කෙනෙක්වත් මේවා මුහුණට කියන්නේ නැහැ. දැඩි ලෙස පහර දුන්නා හදිසි නීතියට ඇතැම් මන්ත්‍රීවරු එදා. අද ඇමතිකම් දරාගෙන කබරයා තලගොයා පැත්තට හරවලා ඒ ප්‍රතිපත්තියෙන් තමා කතා කරේ හදිසි නීතිය පිළිබඳව. 

මං ඔය ඇමතිවරුන්ටත් කියනවා කියන එක බය නැතුව කෙලින් කියන්න සමහර විට ඔබට එක පාරක් පුටුවක් නැති වුණොත් පුටු දහයක් හම්බ වෙයි ජනතාවගෙන් ඊට පස්සේ මේකේ හොඳ ම පාඩම තමයි පුළුවන් නම් ඉදිරියේදී මහ මැතිවරණයක් හරි පාර්ලිමේන්තු මැතිවරණයක් හරි පළාත් සභා මැතිවරණයක් හරි තිබ්බොත් මේ ජනතාව ඉන්නේ කොතන ද කියන එක කාට කාටත් තේරුම් ගන්න පුළුවන්කම ඇති වෙයි. අද ඒ තරම් ජනතාවට වහ කදුරු තත්ත්වයට පත්වෙලා තියෙනවා.

දවසින් දවස කොවිඩ් කමිටුවලින් මිනිස්සු අස් වෙනවා. ආත්ම ගරුත්වයක් තියෙන අය අස්වෙනවා. අද එක නීතියක් ගේනවා, එක චක්‍රලේඛයක් ගේනවා ඒක හවසට වෙනස්කම් කරනවා.

ඔළුවේ මැටි තිබෙන තමන්ගේ වාසියට කතා කරන විශේෂඥ කොටසක් ඉන්නවා. ඔවුන් ළඟ තියාගෙන නම් මේ වැඩ කරන්න බැහැ. 

ගෝඨාභය රාජපක්ෂ මහත්මයටයි මේ කියන්නේ  නන්දසේන රාජපක්ෂ මහත්මයට නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. ගමන් මාර්ගය ටිකක් වෙනස් කරන්න.”

මව්බිම

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
36
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?