ගෝඨාභය රාජපක්ෂ මහත්මයටයි මේ කියන්නේ නන්දසේන රාජපක්ෂ මහත්මයට නෙවෙයි

ප්‍රබුද්ධ විශේෂඥ වෛද්‍යවරුන් ඉවත් වීමෙන් දවසින් දවස කොරෝනා ව්‍යසනය වර්ධනය වීමක් සිදු වන බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.

“එක පැත්තකින් අපිට හිතෙනවා මේක ආණ්ඩුවක් ද එහෙම නැත්නම් සෙල්ලමක් ද සෙල්ලම් ආණ්ඩුවක් ද. සීනි ටිකක්වත් නැහැ. සීනි ටික ගන්නවා සල්ලිවලට සීනි ටික අර ගන්නවා. ඕක ද ආණ්ඩුවක් කියන්නේ. අපේ රටේ අශ්වයා පැන ගියාට පස්සේ තමයි ස්තාලය වහන්නේ. මේ කෙරෝනා ව්‍යසනය තුරන් කරන්න පුළුවන් ද හදිසි නීතිය මගින්. අද මේ වැඩ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ද එහෙම නැත්නම් නන්දසේන රාජපක්ෂ මහත්මයා ද කියල අපට අහන්න තියෙනවා. ආරක්ෂක ලේකම්තුමා කරපු දේවල් තමයි අද ජනාධිපතිතුමා කරන්නේ. 

මේවා එකක්වත් පාර්ලිමේන්තුවේ ලකුණු දාන්න කතා කරන ප්‍රාණ ඇපකාර ඇමතිවරු එක්කෙනෙක්වත් මේවා මුහුණට කියන්නේ නැහැ. දැඩි ලෙස පහර දුන්නා හදිසි නීතියට ඇතැම් මන්ත්‍රීවරු එදා. අද ඇමතිකම් දරාගෙන කබරයා තලගොයා පැත්තට හරවලා ඒ ප්‍රතිපත්තියෙන් තමා කතා කරේ හදිසි නීතිය පිළිබඳව. 

මං ඔය ඇමතිවරුන්ටත් කියනවා කියන එක බය නැතුව කෙලින් කියන්න සමහර විට ඔබට එක පාරක් පුටුවක් නැති වුණොත් පුටු දහයක් හම්බ වෙයි ජනතාවගෙන් ඊට පස්සේ මේකේ හොඳ ම පාඩම තමයි පුළුවන් නම් ඉදිරියේදී මහ මැතිවරණයක් හරි පාර්ලිමේන්තු මැතිවරණයක් හරි පළාත් සභා මැතිවරණයක් හරි තිබ්බොත් මේ ජනතාව ඉන්නේ කොතන ද කියන එක කාට කාටත් තේරුම් ගන්න පුළුවන්කම ඇති වෙයි. අද ඒ තරම් ජනතාවට වහ කදුරු තත්ත්වයට පත්වෙලා තියෙනවා.

දවසින් දවස කොවිඩ් කමිටුවලින් මිනිස්සු අස් වෙනවා. ආත්ම ගරුත්වයක් තියෙන අය අස්වෙනවා. අද එක නීතියක් ගේනවා, එක චක්‍රලේඛයක් ගේනවා ඒක හවසට වෙනස්කම් කරනවා.

ඔළුවේ මැටි තිබෙන තමන්ගේ වාසියට කතා කරන විශේෂඥ කොටසක් ඉන්නවා. ඔවුන් ළඟ තියාගෙන නම් මේ වැඩ කරන්න බැහැ. 

ගෝඨාභය රාජපක්ෂ මහත්මයටයි මේ කියන්නේ  නන්දසේන රාජපක්ෂ මහත්මයට නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. ගමන් මාර්ගය ටිකක් වෙනස් කරන්න.”

මව්බිම

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
36
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බීරි අලින්ට හෝන් ගැසීම..කිසි ගානක් නැතුව තමගේ පාඩුවේ යන හැටි
00:44
Video thumbnail
සජිත් කරාපිටිය රෝහල ගැන හෙළිකරපු දේ..මේ සත්‍ය දත්ත මත මම කිව්වේ..සාක්ෂි තියෙනවා
05:11
Video thumbnail
දිවුරුම් ප්‍රකාශ දුන් අය නිසා ජනපතිට යකා නගියි..එහෙම ඉන්න බෑ..ඉවත් කරන්න ඕනි අවදානම් තැන්වලින්
08:19
Video thumbnail
"නිවාස අහිමි වූ ජනතාව නැවත පදිංචි කිරීම කඩිනම් කරන්න"ජනපති මහනුවරට ඇවිත් උපදෙස් දෙයි
01:37
Video thumbnail
කතක් එක්ක පිරිමි දෙදෙනෙක් කරපු වැඩේ බඩුත් එක්කම මාට්ටු..රුපියල් ලක්ෂ 8ක පමණ මත් කරල්
01:20
Video thumbnail
පොහොට්ටුවට දේශපාලන වැස්සක් වැටුණා..මහින්දට කරන අවමානයක් නෙවෙයි මේ..හැමෝම නීතියට යටත්
04:35
Video thumbnail
මහින්ද ගැන ඇහුවම චාමර උත්තර නොදීම පිටව යයි..නීතිඥයන්ට සල්ලි දුන්නද ? අද නොමිලේ
01:58
Video thumbnail
මහින්ද යුගපුරුෂයාට පිළිම හදලා වඳින්න ඕනේ
01:16
Video thumbnail
වැලි කොට්ටා දාලා හදපු මාන්කඩවල වැව් බැම්ම මහ වැස්සෙන් කැඩී‍යයි..කුඹුරු ජලයෙන් යටවෙයි
04:12