පාසල් දරුවන් වෙනුවෙන් ලබා දිය යුතු එන්නත

වයස අවුරුදු 20 ත් 29 ත් අතර කාණ්ඩයට ෆයිසර් එන්නත ලබානොදී එය පාසල් දරුවන් සඳහා වෙන්කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ ඊයේ (08) එම සංගමය හා සෞඛ්‍ය අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකදී.

මෙරට තුළ භාවිතයට ගැනෙනා කොවිඩ් මර්දන එන්නත් වර්ග 05 න් කුමන හෝ එන්නතක පළමු මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 13,128,756 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වනවිට එන්නත් මාත්‍රා දෙකම ලබාදී පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව 9,994,589 ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?