ණය ගනුදෙනුකරුවන් සඳහා ලබාදී ඇති ණය සහනය මෙම වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා දීර්ඝ කරන ලෙස මහ බැංකුව සියලු බලපත්‍ර ලාභි වාණිජ බැංකු වෙත නිවේදනය කර තිබෙනවා.
ඒ, මේ වන විට රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන්.
ණය ගනුදෙනුකරුවන් සඳහා අදාළ සහන කාලය පසුගිය මස 31 වනදායින් අවසන් වුණා.
මහ බැංකුව විසින් නිශ්චිතව දක්වන ලද සමස්ත ප්‍රතිලාභයන්ට නොඅඩු වන සේ බලපෑමට ලක්වූ ණය ගනුදෙනුකරුවන්ට ඔවුන් ඉල්ලා සිටින අතිරේක සහනයන් ලබාදීමට සලකාබලන ලෙසයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
ලබන වසරේ ජනවාරි මස සිට සිය ණය වාරික ගෙවීම ක්‍රමානුකූලව සිදුකරගෙන යෑම සඳහා අවශ්‍ය කටයුතු සකස්කර ගැනීමට මෙම ණය සහන කාලය උපකාරි වනු ඇති බව මහ බැංකුව පෙන්වාදී තිබෙනවා.
මෙම ණය සහනය සඳහා සුදුසුකම් ඇති ගනුදෙනුකරුවන්ට අදාළ බැංකු වෙත හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා අංශයේ දුරකතන අංක 1935 හෝ 011 2 477 966 හෝ 011 2 477 129 යන දුරකථන අංක ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකියි.