ලංකාවේ හදිසියෙන් ඉන්දියාව අවුලක

ශ්‍රී ලංකාව ‘ආර්ථික හදිසි තත්ත්වයක්’ ප්‍රකාශයට පත් කිරීමත් සමග ඉන්දියාවේ අපනයන හා ආනයන සඳහා බලපෑම් එල්ල විය හැකි බව ඉන්දියාවේ ‘ප්‍රමුඛතම පුවත්පතක් වන ‘ද හින්දු’ පෙන්වා දෙයි.

ඊට අමතරව දෙරට අතර ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති, ඛනිජ තෙල්, සිල්ලර වෙළෙඳාම, සංචාරක සහ හෝටල්, නිෂ්පාදන, නිශ්චල දේපළ සහ මූල්‍ය සේවා වැනි ක්ෂේත්‍රයන්හි ආයෝඡනවලටද ‘නරක ලෙස’ බලපෑම් එල්ල විය හැකි බවද, ‘ද හින්දු’ ප්‍රකාශ කරයි.

විශේෂයෙන්ම ඉන්දීය අපනයනකරුවන් සිය ගෙවීම් ඇණහිටීම පිළිබඳව කනස්සල්ලට පත්ව සිටින බව පුවත්පත පෙන්වාදෙයි.

“අත්‍යවශ්‍ය නොවන වාහන ආනයනය කිරීම වැනි ආනයනයන් නවත්වන බවට ශ්‍රී ලංකාව පසුගිය වසරක සිට කරන ප්‍රකාශ අපි දුටුවෙමු. කෙසේවෙතත්, ඉන්දියාවෙන් බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ අපනයනය කිරීම අඛණ්ඩව සිදු වෙමින් පවතී. නමුත් දැනටමත් බොහෝ ඉන්දියානු අපනයනකරුවන්ට ගෙවීම් නොලැබීම නිසා ගැටලු උග්‍ර වී තිබේ.ගෙවීම් ලැබෙන්නේ කවදාදැයි ඔවුහු කනස්සල්ලට පත්ව සිටිති.” යැයි ඉන්දියානු අපනයන සංවිධාන සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් අජේ සහයි එම පුවත්පතට පවසා ඇත.

විදේශ මුදල් ඉපැයීමේ ප්‍රධාන මූලාශ්‍රයක් වන සංචාරක ව්‍යාපාරයට බලපෑ කොවිඩ් -19 අර්බුදය ශ්‍රී ලංකාවේ ආර්ථික අසීරුතාවයන්ට අර්ධ වශයෙන් හේතු වී තිබෙන බවත්, වැඩිවන විදේශ ණය අර්බුදය ගැටලුව වඩාත් තීව්‍ර කරන බවත් පෙන්වා දෙන ‘ද හින්දු’ කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනිකකරණය කිරීමට රජය ගෙන ඇති තීරණයත් සමග තත්ත්වය වඩාත් නරක අතට හැරීමට ඉඩ ඇති බවට අනතුරු අඟවා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?