තහනම් ගෙඩිය කන්න ගිය පොලිස් ලොක්කා පිරෙන්න කයි

හලාවත අඹකදවිල ධිවර ගම්මානයේ නිවසකට රාත්‍රී කාලයේ ඇතුළු වී සිටි හලාවත කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයෙකුට ගම්වාසීන් විසින් පහරදී හලාවතත පොලිස් ස්ථානයට භාරදී ඇති පුවතක් වාර්තා වනවා.

මෙම පොලිස් නිලධාරියා ඇතුළු වී ඇත්තේ තරුණ කාන්තාවක් තනියම සිටි නිවසකට බවයි වාර්තා වන්නේ.

එම කාන්තාවගේ සැමියා ධිවර කාර්මිකයෙක් වන අතර ඒ වන විට ඔහු දින කිහිපයකට මුහුදු ගොස් සිට තිබේ.

තරුණ කාන්තාවක් වන ඇයට දරුවන් නොමැති බවත් මෙම පොලිස් නිලධාරියා නිතරම එම නිවසට එන යන අයෙක් බවත් සදහන්.

මෙම නිලධාරියාගේ ක්‍රියා කලාපය ගැන ඇස ගසාගෙන සිටි ගම්වැසියන් ඒ බව සැමියාගේ සහ කාන්තාවගේ ඥාතීන්ට දැනුම් දී තිබේ.

ඒ අනුව ඔවුන් පැමිණ ගම්වාසීන්ද සමග එක්ව නිවසේ රැදී සිටි උප පොලිස් පරීක්ෂකවරයාව අල්ලා පහරදී පොලීසියට භාරදී තිබේ.

මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගත් වහාම හලාවත කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමගේ මහතා එම නිලධාරියාගේ වැඩ තහනම් කරමින් විමර්ශනයක් ආරම්භකර තිබෙනවා..

එම නිලධාරියා වරකපොළ පදිංචිකරුවෙක් වන 52 හැවරදි අයෙක්.

කාන්තාව වයස අවුරුදු 30 ට අඩු තැනැත්තියක් බව පොලීසිය කියයි. දෙදෙනා අතර යම් සම්බන්ධයක් පැවති බව උප පොලිස් පරීක්ෂකවරයා පවසා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසනවා.

එහෙත් එම සම්බන්ධය යම් බිය ගැන්වීමකින් සිදුවූවක්ද, යන්න පිළිබදදව සොයා බලන බව උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කලා

උප පොලිස් පරීක්ෂකවරයා විවහාකයෙක් වන අතර දරුවන්ද සිටින්නෙකි. ගම්වැසියන් මේ සිදුවීම සිය ජංගම දුරකතනවල වීඩියෝගතකර ඇති අතර පොලීසියේ ඉල්ලීම මත මෙතෙක් ඒ කිසිවක් සමාජ මාධ්‍ය වල හුවමාරුවී නැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56
Video thumbnail
සුනිල් වටගල කෝටි 45ක පමණ ලක්සිරි නිවසක් මිලදීගෙන ?..චෝදනා කරද්දි දෙපාරක් හිතලා කරන්න
03:16
Video thumbnail
හිකනල්ලු කෑගැහුවා කියලා හාමුදුරුවරු බයත් නෑ..ශාසනයට අගෞරව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ
04:57
Video thumbnail
ජොන්ස්ටන් හිනාවෙවී එළියට ආ හැටි..සෙනඟක් ඇවිත් ජොන්ස්ටන්ව වට කරයි
01:38
Video thumbnail
හෙට වෙනකොට රාජපක්ෂ කෙනෙක් අත්අඩංගුවට ගන්න..නැත්තම් තිස්සකුට්ටි කුදලන් යන්න
02:09
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39