කබ්රාල්ගෙන් හිස් වන මන්ත්‍රි පුටුව කාටද?

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වුවොත් පුරප්පාඩු වන මන්ත්‍රීධූරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ නැවතත් පත්කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වූ ජයන්ත කැටගොඩ එම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වූයේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුව තුළට පිවිසීමට අවශ්‍ය ඉඩකඩ සලසා දීම සඳහායි.

කෙසේ වෙතත් මේ වන විට මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරය දරන අජිත් නිවාඩ් කබ්රාල් ද එම ධූරයෙන් සහ මන්ත්‍රී ධූරයෙන්ද ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට වන වාර්තා පල වනවා.

ඒ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධූරය භාර ගන්නා ලෙස රජයේ ඉහළ පාර්ශව විසින් කෙරුණු ඉල්ලීමක් මතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?