එන්නත්කරන ඉලක්ක සපුරා සංචරන සීමා ඉවත් කරනවා

එන්නත්කරන ඉලක්ක සපුරා ගැනීමෙන් අනතුරුව රට තුල දැනට පවතින සංචරණ සීමා ඉවත් කිරීමට  හැකිවනු ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

එන්නත්කරනය හරහා  රටේ ජනගහනයෙන් වැඩිපිරිසකගේ ශරීරය තුල ප්‍රතිශක්තිකරණය ගොඩනැංවීම එන්නත්කරන වැඩපිළිවෙළේ ඉලක්කය වී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඊයේ (06) රුසියානු  ජනමාධ්‍යවේදීන් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

සංචාරක සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරන සංචාරක ප්‍රවර්ධන වැඩසටහනකට සහභාගි වීම සඳහා රුසියාවට ගොස් සිටින සංචාරක අමාත්‍යවරයා සමඟ අද පෙරවරුවේ සෙන් රෙජීස් හෝටලයේදී  මෙම සාකච්ඡාව සංවිධානය කර තිබිණි.

රුසියානු සංචාරක ප්‍රවර්ධන වැඩ සටහනේ ආරම්භය මෙම මාධ්‍ය හමුව වූ අතර මෙම වැඩසටහන යටතේ සංචාරක නියෝජිතයින්  හමුවීම, මෙරට සංචාරක ස්ථාන වල ඡායාරූප ඇතුළත් ඡායාරූප ප්‍රදර්ශනයක් සහ තවත් වැඩසටහන් කිහිපයක් ඉදිරි දිනවල  රුසියාවේ දී පැවැත්වේ.

මේ වන විට අවුරුදු  20ට වැඩි ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 90ට ප්‍රතිශක්තිකරණ එන්නතේ පළමු මාත්‍රාවත්, සියයට 60 ට දෙවන මාත්‍රාවත්  ලබාදීමට ශ්‍රී ලංකා  රජයට හැකියාව ලැබී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.‍

එන්නත්කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක වන ආකාරයට අනුව ඉදිරි සති කිහිපය තුළ වයස අවුරුදු 20ට වැඩි ශ්‍රී  ලාංකිකයින් එන්නත්කිරීම 100% ක ඉලක්කය සපුරනු ඇතැයි විශ්වාස කරන බව ද රුසියානු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම ලෝක වසංගත තත්වය හමුවේ රට ඉදිරියට ගෙන යාම සඳහා  පලමුව  ජනතාවගේ ජීවිත ආරක්ෂාව තහවුරු කළ යුතු බව ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  තරයේ විශ්වාස කරයි.

ජනතාවගේත් සංචාරකයින්ගේත් සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමින්  සංචාරක ව්‍යාපාරය නැංවීම සඳහා අවශ්‍ය පියවර මේ රට විට රජය ගනිමින් සිටින බැවින් ශ්‍රී ලංකාව රුසියානුවන්ට සුදුසු සංචාරක ගමනාන්තයක් ලෙස සැලකිය හැකි බවද   අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව සංචාරකයින්ගෙන් ශ්‍රී ලාංකිකයින්ටත්, ශ්‍රී ලාංකිකයන්ගෙන් සංචාරකයින්ටත් වෛරසය ආසාදනය නොවන ආකාරයේ වැඩපිලිවෙළික් ශ්‍රී ලංකාව තුළ හඳුන්වා දී තිබේ.

මෙම සෞඛ්‍ය ආරක්ෂිත සංචාරක බුබුළු ක්‍රමවේදය ලෝකයට හඳුන්වා දුන්නේත් ශ්‍රී  ලංකාව යැයි සඳහන් කළ අමාත්‍යවරයා ඊට අදාලව ක්‍රියාත්මක කළ නියාමන ව්‍යාපෘතියේ සාර්ථකත්වය සම්බන්ධයෙන්ද රුසියානු මාධ්‍යවේදීන් සමග සමඟ අදහස් දැක්විය.

සිත් ඇදගන්නා ආකාරයේ ඓතිහාසික වටිනාකමක් සහිත සහ විනෝදාස්වාදය ලැබිය හැකි නව සංචාරක ගමනාන්ත 6000ක්  හඳුනාගෙන එම ස්ථාන නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයින් සඳහා අවශ්‍ය පහසුකම් සංවර්ධනය කිරීමටත් මේ වන විට කටයුතු කර ඇත.

එම නිසා ඉදිරි සීත සෘතුවේදී  රුසියානුවන්ගේ ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව තෝරාගන්නා ලෙස ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා රුසියානු මාධ්‍යවේදීන් සමග පැවති සාකච්ඡාවේදී වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු, ශ්‍රී ලන්කන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ ද සහභාගී වූහ

– ප්‍රදීප් අනුර කුමාර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09