අද මෙරටින් භූමිකම්පාවක් වාර්තා වෙයි

අද (07) පෙරවරුවේ ලුණුගම්වෙහෙර ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක් වාර්තා වී තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ අද පෙරවරු 10.38ට පමණ රිච්ටර් මාපකයේ ඒකක 2.4ක් ලෙස එම කම්පන තත්ත්වය වාර්තා වී ඇති බවය.

මේ අතර අද (07) දිනය තුල සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ දී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක විශේෂයෙන් අද (07) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ සඳහන්.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් (40-50) පමණ දක්වා වැඩි විය හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට විපක්ෂය ඉල්ලූ විවාදය දෙන්න බෑ..රීතිවිරෝධියි..එළියේ කතා කරන්න ඇයි බය?
10:49
Video thumbnail
විපක්ෂ කට්ටියව හිරේ දාන එක තමයි දැන් ආණ්ඩුව ගෙනියන්න තියන එකම ක්‍රමය
12:05
Video thumbnail
මේ ඉන්නේ මහින්දට ආදරය කරන පිරිස..ආවේ බයට නෙවෙයි
00:44
Video thumbnail
මහින්ද අයියා වෙනුවෙන් ගෝඨාභය මල්ලි සෙනඟ මැදින් දුවගෙන එයි
00:53
Video thumbnail
මහින්ද අල්ලස් කොමිසමට ගිය එක ගැන ජනපති අනුර කතාකරයි
03:23
Video thumbnail
සුන්බුන් විපක්ෂයේ කොහෙද දක්ෂ සාමාජිකයෝ..ටයිකෝට් නැට්ටුවට තරම් ඩබල් පොකට් නැට්ටුවට නටන්න බෑ
02:40
Video thumbnail
පාඨලී ටිල්වින්ගේ වීඩියෝවක් ලීක් කරයි..අනේ අපේ ටිල්වින් සිල්වා නඩු අහනවා
02:27
Video thumbnail
මහින්දටත් රනිල්ටත් අත තියන්න එන්න එපා
01:10
Video thumbnail
"මේ ඉන්නේ මහින්දට ආදරය කරන පිරිස..යකෝ මේ ආවේ බයට නෙවෙයි ආදරයට"
01:29
Video thumbnail
මහින්ද අයියා වෙනුවෙන් ගෝඨාභය මල්ලි මහ සෙනඟ මැදින් දුවගෙන එයි..අයින් වෙන්න අයින් වෙන්න
02:02