රු.5000 සහනය ලැබෙන අය

අද (07) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ රජය ලබාදී ඇති විසඳුම පිළිගෙන ගුරු – විදුහල්පතිවරු නැවත සේවයට වාර්තා කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි

මෙම මාසයේ වැටුප සමග ඔවුන්ට ලැබෙනු ඇති බවයි ඔහු සදහන් කලේ.
“ගුරු විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් රජයේ විසඳුම් යෝජනාවලිය ප්‍රකාශයට පත්කළා. එහිදී රජයට වර්තමාන ආර්ථික තත්ත්වය හා මූල්‍ය තත්ත්වය යටතේ ලබාදිය හැකි වැටුප් වර්ධක පිළිබඳව ඉතාම පැහැදිලිව ප්‍රකාශයට පත්කළා. එහිදී ගුරු සේවයේ සහ විදුහල්පති සේවයේ විවිධ ස්ථර සඳහා 17% සිට 26% දක්වා මූලික වැටුපේ වැඩිවීමක් සිදුවෙන බව සියලු දෙනාම දන්නා කාරණයක්. සංගම්වලින් ඒක එක් වතාවකදී ලබාදෙන්න කියලා ඉල්ලීමක් කරලා තිබුණා. නමුත් පවතින මූල්‍ය තත්ත්වය නිසා ඒ සම්බන්ධයෙන් අවස්ථා 3කදී පමණ මේක ලබාදීමට හැකියාව තිබෙන්නේ කියලා අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් රජය දිගටම කටයුතු කරගෙන යනවා. අදාළ නිශ්චිත යෝජනාව 2022 වසර සඳහා වන නොවැම්බර් අයවැය ලේඛනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කරනු ඇති. එතෙක් තමයි අන්තර්ජාලය හරහා ඉගැන්වීම් ඇතුළු ඔවුන් කරන කටයුතු වෙනුවෙන් සහනයක් හැටියටත් දිරි දීමනාවක් හැටියටත් තමයි අන්තර් දීමනාවක් හැටියට මාසෙකට රුපියල් 5,000ක් ලබාදෙන්න යෝජනා කළේ. ඒක මේ මාසේ වැටුපට ඔවුන්ට ලැබෙනු ඇති. රජයට හැකි උපරිමයෙන් මේ කටයුතු කරනවා. ඒක පිළිගෙන සෑම ගුරුවරයෙකු විදුහල්පතිවරයෙකුම නැවත සේවයට වාර්තා කරයි කියලා අපි විශ්වාස කරනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට විපක්ෂය ඉල්ලූ විවාදය දෙන්න බෑ..රීතිවිරෝධියි..එළියේ කතා කරන්න ඇයි බය?
10:49
Video thumbnail
විපක්ෂ කට්ටියව හිරේ දාන එක තමයි දැන් ආණ්ඩුව ගෙනියන්න තියන එකම ක්‍රමය
12:05
Video thumbnail
මේ ඉන්නේ මහින්දට ආදරය කරන පිරිස..ආවේ බයට නෙවෙයි
00:44
Video thumbnail
මහින්ද අයියා වෙනුවෙන් ගෝඨාභය මල්ලි සෙනඟ මැදින් දුවගෙන එයි
00:53
Video thumbnail
මහින්ද අල්ලස් කොමිසමට ගිය එක ගැන ජනපති අනුර කතාකරයි
03:23
Video thumbnail
සුන්බුන් විපක්ෂයේ කොහෙද දක්ෂ සාමාජිකයෝ..ටයිකෝට් නැට්ටුවට තරම් ඩබල් පොකට් නැට්ටුවට නටන්න බෑ
02:40
Video thumbnail
පාඨලී ටිල්වින්ගේ වීඩියෝවක් ලීක් කරයි..අනේ අපේ ටිල්වින් සිල්වා නඩු අහනවා
02:27
Video thumbnail
මහින්දටත් රනිල්ටත් අත තියන්න එන්න එපා
01:10
Video thumbnail
"මේ ඉන්නේ මහින්දට ආදරය කරන පිරිස..යකෝ මේ ආවේ බයට නෙවෙයි ආදරයට"
01:29
Video thumbnail
මහින්ද අයියා වෙනුවෙන් ගෝඨාභය මල්ලි මහ සෙනඟ මැදින් දුවගෙන එයි..අයින් වෙන්න අයින් වෙන්න
02:02