AFC Banner
Empty Ad
Empty Ad

වෙනස්කම් තුනක් සමග ශ්‍රී ලංකා කණ්ඩායම අද පිටියට

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තුන්වැනි තරගය අද (7 වැනිදා) ප.ව.2.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

දෙරට අතර පැවැති පළමු තරගයේ ජය ශ්‍රී ලංකාව සතුව තිබීමත්, දෙවැනි තරගය දකුණු අප්‍රිකාව ජයගෙන තිබීමත් හේතුවෙන් අද (7 වැනිදා) තරගය ජය ගන්නා කණ්ඩායම 2-1කින් තරගාවලි ජයග්‍රහණයට හිමිකම් කීමට නියමිතය.
යම් හෙයකින් ශ්‍රී ලංකාව අද තරගය ජයගතහොත් ඔවුන් දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින ක්‍රිකට් තරගාවලියක් ජය ගන්නේ 2013 වසරින් පසුවය. එසේම ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට එක්දින ක්‍රිකට් තරගාවලි ජයක් ලබා ඇත්තේ 2020 වසරේ පෙබරවාරි මාසයේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව වීමද විශේෂත්වයකි.

2023 වසරේ ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලානයට එක එල්ලයේ සුදුසුකම් ලැබීමටනම් ලෝක කුසලාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වෙන අද තරගය ජය ගැනීම ශ්‍රී ලංකාවට අනිවාර්ය වී තිබේ. අදාළ තරගාවලිය යටතේ තරග 14කට සහභාගි වී සිටින ශ්‍රී ලංකාව ඉන් තරග 10ක් පරාජය වී තරග 3ක් ජයගෙන කණ්ඩායම් අතර 09 ස්ථානයේ රැඳී සිටී. කණ්ඩායම් අතර 08 වැනි ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකාව තරග 8කට සහභාගි වී ඉන් තරග 3ක් ජයගෙන 4ක් පරාජය වී තිබෙන බැවින් ඔවුන්ද යම් අවධානම් තත්ත්වයක පසුවේ.

ශ්‍රී ලංකා කණ්ඩායම අද (7 වැනිදා) තරගයට වෙනස්කම් තුනක් සමගින් සහභාගි වීමට නියමිත බවට ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී. ඒ අනුව දඟ පන්දු යවන යොවුන් ක්‍රීඩක මහීෂ් තීක්ෂණට අද (7 වැනිදා) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග වරම් හිමිවනු ඇති බව සඳහන් වේ.

පළමු තරග දෙකෙහිදීම ලකුණු ලබාගැනීමට අපොහොසත් වූ භානුක රාජපක්ෂට අද තරගයේදී අවස්ථාව අහිමි වනු ඇති බවට වාර්තා වේ. ඒ වෙනුවට බොහෝවිට ඉකුත්දා පැවැති ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවැනියට වැඩිම ලකුණු ලාභියා වූ කමිඳු මෙන්ඩිස්ට අවස්ථාව උදාවනු ඇති බවට වැඩිදුරටත් වාර්තා වේ.

උරහිසේ ආබාධයකින් පසුව කොවිඩ් වයිරසයට ගොදුරු වූ කුසල් ජනිත් පෙරේරා අද (7වැනිදා) තරගයට සහභාගි වනු ඇති බවට සඳහන් වුවද, ඔහු විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය පමණක් ක්‍රීඩා කරනු ඇති බවට වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?