රුපියල් කෝටි දෙකක් බෙදමින් සිටි වයෝවෘද්ධ පියෙකු අත්අඩංගුවට

යාපනයේ උඩුප්පිඩි වදිරියන් පාරේ නිවසකදී  රුපියල් කෝටි දෙකක මුදලක් පළාතේ ජනතාව අතර එක් අයෙකුට රුපියල් 2000 බැගින් පරිත්යාාග කරමින් සිටි පුද්ගලයින් තුන් දෙනෙකු නෙල්ලි අඩි පොලීසිය විසින් නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාව මත ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

විදේශ රටක සිටින පුතෙකු විසින් තම පියාට රුපියල් කෝටි දෙකක මුදලක් එවා මේ දිනවල අසරණ තත්ත්වයට පත්ව සිටින පවුල්වලට එම මුදල එක් අයෙකුට රුපියල් 2000 බැගින් ලබා දෙන මෙන් පියාට දැණුම් දී තිබෙනවා.
 
වයෝවෘද්ධ පියා පවුලේ තවත් දෙදෙනෙකු සමග එම මුදල බෙදා දීම ආරම්භ කළ විට ආරංචිය ලද යාපනයේ වැසියෝ දෙදහසකට වැඩි පිරිසක් පැමිණ දිගු  පෝලිමක සිට මුදල් ලබා ගැනීමට පටන් ගෙන ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.  

එසේ පැමිණි පිරිසෙන් විශාල පිරිසක් මුව ආවරණ පවා පැළද සිට නොමැති අතර නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මකවන මොහොතක නිරෝධායන නීති උල්ලංඝණය කරමින් විශාල ජනකායක් එක් ස්ථානයකට රැස් කිරීමේ චෝදනාව මත වයෝවෘද්ධ පියා හා ඥාතීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පොලීසිය වෙත රැගෙන ගොස් තිබෙනවා. 

ඒ වන විට රුපියල් 2000 බැගින් පුද්ගලයින් 500 දෙනෙකු පමණ ලබා ගෙන සිටි අතර ඉතිරි පිරිස පොලීසිය විසින් අවවාද කොට පලවා හැර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09