අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට අදාළ හදිසි නීති පාර්ලිමේන්තුවට

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සහ ආහාර සැඟවීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා විසින් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කෙරුණු හදිසි නීති රෙගුලාසි, අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.

ඊට අදාළ විවාදය උදෑසන 10.30ට ආරම්භ වන අතර, පස්වරු 4.30ට ඒ පිළිබඳ ඡන්ද විමසීමක් ද පැවැත්වෙනු ඇති. කෙසේ වෙතත්, එම රෙගුලාසිවලට එරෙහි ව ඡන්දය භාවිත කිරීමට ජාතික ජනබලවේගය සහ සමඟි ජන බලවේගය තීරණය කර තිබෙනවා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ සමඟි ජන බලවේගය ද පසුගිය දා ගැසට් මඟින් ප්‍රකාශයට පත් කෙරුණු හදිසි නීති රෙගුලාසිවලට එරෙහි ව ඡන්දය ප්‍රකාශ කරන බව යි. දෙමළ ජාතික සන්ධානය ඡන්ද විමසීමේ දී ගනු ලබන තීරණය මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති අතර, අද දිනයේ රැස් වී ඒ සම්බන්ධයෙන් තීරණය කරන බව යි එම සන්ධානය නියෝජනය කරන ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මේ අතර, පාරිභෝගික අධිකාරිය විසින් වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන්නන්ට එරෙහි ව  පනවා ඇති දඩ මුදල සංශෝධනයට අදාළ යෝජනාව ද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.

උපරිම සිල්ලර මිලක් නියම කර ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩි මිලට අලෙවි කරන වෙළඳුන්ගෙන් මෙතෙක් අය කළ රුපියල් 1000ක් ව තිබූ දඩය රුපියල් ලක්ෂය දක්වා වැඩි කෙරුණු අතර, ඊට ගැලපෙන පරිදි සෙසු දඩ මුදල් ඉහළ නංවමින් පසුගියදා ගැසට් නිවේදනයක් ද නිකුත් කෙරුණා.එමෙන්ම, සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට අද පාර්ලිමේන්තු සංකීර්ණයේ දී කොරෝනා පරීක්ෂාවක් සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා. ඊට පාර්ලිමේන්තු සේවකයින්ට සහ පාර්ලිමේන්තු සැසිවාරය ආවරණය කරන මාධ්‍යවේදීන්ට ද සහභාගි විය හැකි බවයි පාර්ලිමේන්තුවේ ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හෙට ඉදලා ඔත්තේ ඉරට්ටේ අංකවලට තමයි තෙල් දෙන්නේ..කළබල වෙන්නේ නැතුව අද ගිහින් නිදාගන්න හෙට තෙල් දෙනවා
02:22
Video thumbnail
🔴Breaking News
03:48
Video thumbnail
වීරවිල සිදුවූ බිහිසුණු බස් අනතුරෙන් 4 දෙනෙකුට දිවි අහිමිවෙයි..40කට තුවාල..මෙන්න එහි නවතම දර්ශන
01:03
Video thumbnail
🔴Breaking News
01:30
Video thumbnail
සපිරි ගමක් කරන්න අපි ආවේ සුපිරි වැඩක් කරලා වැඩේ අවසන් කරනවා..තියෙනවා තමයි මාස ගණන්වලට තෙල්
03:54
Video thumbnail
ශානිටයි රවීටයි සුගීෂ්වරගෙන් සැර සත්තමක්..ප්‍රබන්ධනශූරි ශානි ලස්සන කතාවක් ගොතලා..
04:02
Video thumbnail
Praharaya | හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:30:10
Video thumbnail
තිරප්පන ප්‍රා.සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්.."හුන්ඩුව ඇතුළේ සේරුවලින් හොරකම් කරනවා.."
15:12
Video thumbnail
ජනපතිට බැනලා හරියන්නේ නෑ..මෙයාලට අයිති පෙට්‍රල් ළිං නෑනේ..QR එක ඇත්තටම හොඳයි
02:28
Video thumbnail
කෝටි දෙකහමාරකට අධික ගංජා වගාවක් වටලයි..කොහොමද සරුවට හැදිලා තියෙන හැටි
01:22