AFC Banner
Empty Ad
Empty Ad

දර කැඩීමට රක්ෂිතයට ගිය 25 හැවිරිදි තරුණියක් අතුරුදහන්

25 හැවිරිදි තරුණියක් සිය මව සමග දර කැඩීමට රක්ෂිතයකට ගොස් සිටියදි අතුරුදන් වී ඇති බව නුවරඑළිය පොලීසිය පැවසීය. ඇය සොයා යුද හමුදාව සහ පොලීසිය එක්වී රක්ෂිතයේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව අප වාර්තාකරු පැවසීය.

සිය මව සමග නුවරඑළිය ඩන්සිනන් රක්ෂිතයේ දර කැඩීමට ගිය අවුරුදු 25ක තරුණියක් එසේ අතුරුදන් වී තිබේ.ඊයේ උදැසන 9.30 ට පමණ ඩන්සිනන් වතුයායට ඉහළින් පිහිටි ඩන්සිනන් රක්ෂිතයට එම තරුණිය සමග තමා ඇතුළු වු බවත් රක්ෂිතයේ ඉහළ කඳු මුදුණ ට දියණිය තනියෙන් ගිය බවත් ඇය නැවත පහළට නොපැමිණි බවත් අතුරුදන් වු තරුණියගේ මව වන එස්.මනෝවනි (58) කීවාය. පස්වරු 2  පමණ වන තෙක් දියණිය නොපැමිණි බැවින් තමන් ඒ පිළිබඳ ව අසල්වාසින්ට දැනුම්දිමෙන් පසු ඊයේ සවස සිට අතුරුදන් වු දියණිය සොයා රක්ෂිතය පුරා මෙහෙයුමක් දියත් කළ බව මව පැවසුවාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?