හදිස්සියේ වී ගබඩා 8කට සිදුකල දේ

නීතිවිරෝධීව පවත්වාගෙන ගිය සහ ලියාපදිංචි නොකළ වී ගබඩා සොයා සිදුකළ වැටලීම්වලදී වී ගබඩා 8කට පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් විසින් අද (05) මුද්‍රා තැබුවා. මෙලෙස වවුනියාව ප්‍රදේශයේ ලියාපදිංචි නොකළ වී ගබඩා 3ක් වැටලීමට පාරිභෝගික සේවා අධිකාරියේ අද කටයුතු කළේය. එම ගබඩාවල තිබී වී මෙට්‍රික් ටොන් 145 ක් සොයාගෙන තිබුණි.

පාරිභෝගික සේවා අධිකාරිය සහ කැකිරාව පොලීසිය එක්ව මරදන්කඩවල අවට වී මෝල් ගබඩා පරීක්ෂාවට ලක්කළ අතර එහි දී ලියාපදිංචි නොකළ වී ගබඩා 5කට මුද්‍රා තබා තිබේ. එහිදී සොයාගත් වී ප්‍රමාණය කිලෝග්‍රෑම් ලක්ෂ 2කට ආසන්න බව සඳහන්ය. මරදන්කඩවල ප්‍රදේශයේ ලියාපදිංචි නොකළ වී ගබඩාවක් ද අද පාරිභෝගික සේවා අධිකාරිය විසින් වැටලීමෙන් පසුව මුද්‍රා තබා ඇත. මේ අතර, ගබඩාවල රඳවා තැබූ සීනි තොග පාලන මිල ගණන් යටතේ වෙළෙඳපොළට නිකුත් කිරීම අද දිනයේත් සිදු කෙරුණි. පාරිභෝගික කටයුතු අධිකාරිය ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ නිකුත් කළ ගැසට් නිවේදනය මගින් සීනිවලට මෙන්ම සහල් සඳහා ද පාලන මිලක් නියම කළේය. ඒ අනුව පාලන මිලට සීනි සහ සහල් අලෙවිය මේ වනවිට සිදුවන්නේ දැයි අප අදත් සොයාබැලීය.  

පාලන මිල ගණන් යටතේ සතොස මේ වනවිට සීනි අලෙවි කරමින් සිටී. කෙසේවෙතත් එම ස්ථානවල අදත් සීනි මිලදී ගැනීම සඳහා දිගු පෝලිම් පැවැතුණි. පාරිභෝගික කටයුතු අධිකාරියට ලද තොරතුරක් මත පසුගියදා කුණ්ඩසාලේ ප්‍රදේශයේ ලියාපදිංචි නොකළ සීනි ගබඩාවක් ද වටලනු ලැබීය.

පසුව ඊට මුද්‍රා තැබුණු අතර එහි සීනි මෙට්‍රික් ටොන් 300 ක් පමණ ගබඩා කර තිබුණි. අද එම සීනි තොග රජයේ අනුමත පාලන තොග මිලට ආනයනකරු විසින් මධ්‍යම පළාත් සමුපාකාර වෙත අලෙවි කිරීමට පියවර ගෙන ඇත. ඒ පාරිභෝගික කටයුතු අධිකාරියේ එකඟතාව මතය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09