අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්ගෙන් නියෝගයක්

නීත්‍යනුකූල නොවන ලෙස රැස්කරගෙන ඇති වී , සහල් , සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග මිලදී ගෙන ජනතාවට සහන මිලට ලබා දීමට කටයුතු කරන ලෙසත්, එක් එක් දිස්ත්‍රික්කයේ අවශ්‍ය මැදිහත්වීම් කර තමා වෙත නිරන්තරයෙන් වාර්තා කරන ලෙසත්, අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් සෙනරත් නිවුන්හැල්ල මහතා සියලු දිසාපතිවරුන්ට සහ පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් මෙම නියෝගය සිදු කරනු ලැබ ඇත්තේ, පොලිස්පතිවරයාටත්, සියලු දිසාපතිවරුන්ට , පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයාට සහ ආහාර කොමසාරිස්වරයාට ලිපියක් යොමු කරමිනි.

එහි දැක්වෙන්නේ, වී, සහල්, සීනි ඇතුළු අත්‍යශ්‍ය තොග සැගවීම ,, බෙදාහැරීම අඩපණ කිරීම , අධික මිල ගණන් අය කිරිම හා මහජනතාව අපහසුතාවට පත්කරන සියලු අක්‍රමිකතා වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා මහජන ආරක්ෂක ආඥා පනතේ 5 වගන්තිය යටතේ, නියෝගයක් නිකුත් කර ඇති බවයි.

ඒ අනුව, රජයේ සහතික මිලට හෝ රේගුවේ ආනයනය කළ මිල ගණන් පදනම් කරගෙන නිත්‍යනුකූල නොවන රැස්කරගෙන තබාගෙන ඇති ආහාර තොග මිලදී ගෙන ජනතාවට සාධාරණ මිලට ලබා දීමට කටයුතු කරන ලෙස අතශවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් සෙනරත් නිවුන්හැල්ල මහතා නියෝග කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම - මිත්තණිය සහ පුංචි පුතා එළොව යයි
02:29
Video thumbnail
සලේ කියලා අමුතු මිනිහෙක් නෙවෙයි..අපි හිරේ ගියත් මෙච්චරයි - කන බොන එක තීරණය කරන්නෙ තමන්මයි
01:16
Video thumbnail
බස් ගාස්තු ගැන අහද්දි මාලිමා මන්ත්‍රීට යකා නගියි - සහනය ජනතාවට ලැබිලනේ යකෝ
03:14
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19