ඇදරි නීතිය කඩාගෙන මත්පැන් තොගයක් සමග මන්ත‍්‍රීවරයෙක් අත්අඩංගුවට

හැටන් බගවන්තලාව නගරයේ පිහිටි තානායමේ මත්පැන්හලේ මත්පැන් බෝතල් ඉතා සුක්ෂම ලෙස වතු ආශ්‍රිත ප්‍රදේශවලට රැගෙන යාමට පැමිණි 07 දෙනෙකු සහ එම තානායම පවත්වාගෙන යන නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙකු බගවන්තලාව පොලිසිය විසින් (04) දින රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානම සමග පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය හමුවේ එම තානායමද සම්පුර්ණයෙන්ම වසා දමා ඇති අතර, (04) දින රාත්‍රියේ එම තානායම පවත්වාගෙන යන නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ අදාල මන්ත්‍රිවරයා බගවන්තලාව අවට වතු වල ඔහුට හිතවත් කිහිපදෙනෙකු රාත්‍රි 10 ට පමණ බගවන්තලාව තානායම වෙත කැදවා තානායමේ මත්පැන්සැල විවෘත කර එම මත්පැන්සැලේ ගබඩාවේ තිබෙන මත්පැන් බෝතල් වතු ආශ්‍රිත ප්‍රදේශවලට ප්‍රවාහන කිරිමට සුදානම් වන අවස්තාවේ බගවන්තලාව පොලිසියේ නිලධාරින් විසින් ඔහුන්ව සැකපිට අත්අඩංගුට ගෙන ඇත.

වතු කම්කරුවන්ට අධික මිලට මත්පැන් අලෙවි කිරිමේ අරමුණින් අදාල ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයා සිදු කිරිමට ගිය ජාවාරම පිලිබදව පොලිසියට ලැබුණු තොරතුරුක් මත වැටලිමක් සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අප බගවන්තලාව පොලිසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ අත්අඩංගුවට ගත් සැකකරුවන්ට දැඩි ලෙස අවවාද කර (04) දින රාත්‍රියේම මුදා හැරි බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09