ඇඳිරි නිතිය මැද ජාවාරම්කරුවන් බරටම වැඩ

හෙම්මාතගම මාඔයේ තඹවිට පාලමේ පාදම ආසන්නයෙන් අනවසරයෙන් රාත්‍රී කාලයේ වැලි ජාවාරමේ නිරත වන පිරිසක් පිළිබද තොරතුරු වාර්තා වී තිබුණා.

මෙලෙස රාත්‍රී කාලයේ පටවනු ලබන වැලි දිවා කාලයේදී හෙම්මාතගම පොලීසියේ මාර්ග බාධක ඔස්සේ ජාවාරම්කරුවන් රැගෙන යන අතර පොලීසියෙන් ඊට කිසිදු බාධාවක් සිදු නොකරන බවයි අප වාර්තාකරු පැවසූවේ.

පැරණි තඹවිට පාලම අසලින්ම වැලි ගොඩ දැමිම නිසා පාලම රඳවා ඇති කොන්ක්‍රීට් කනුවල පාදම මතුවෙමින් පවතින බවත් මේ හේතුවෙන් පාලම කඩා වැටීමේ අවදානමකට ලක්ව ඇති බවත් වාර්තා වනවා.

එසේ සිදු වුවහොත් මෙම මාර්ගය භාවිතා කරන පවුල් දහස් ගනනක් ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්වනු ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම ජාවාරම්කරුවන් මාඔයේ වැලි ජාවාරම ජයටම කරගෙන යනු ලබන අතර ඔහුට ඇති බිය නිසා ප්‍රදේශවාසීන් නිහඬව සිටින බව වාර්තා වනවා.

පොලිස් සහය ජාවාරම්කරුවන්ට?

මේ පිළිබඳ පොලීසියට දැනුම් දුන්නද කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බැවින් මෙම ජාවාරම ජයටම කරගෙන යන බවද ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

මේ අතර අනවසර දැව ප්‍රවාහනය කිරිම්ද දිගින් දිගටම සිදු වෙමින් පවතින බවයි වාර්ත වන්නේ.

පසුගිය 02 වනදා රාත්‍රියේ මහෝගනි වර්ගයේ දැව තොගයක් රැගෙන ගොස් ප්‍රදේශයේ ලියාපදිංචි ලී මෝලකට විකුනා තිබියදී වන සංරක්ෂන දෙපාර්තමේන්තුවේ අඩවිවන නිලධාරින් පැමිණ දැව තොගය අත් අඩංගුවට ගෙන තිබූ බවයි වාර්තා වන්නේ. 

ඉදිරි දිනකදි ඊට නඩු පවරන බවද අඩවිවන නිලධාරින් ප්‍රකාශ කළා.

මෙම ජාවාරම්කරුගේ ක්‍රියාවන් නිසා හෙම්මාතගම, ගෝනාවල හරහා ගම්පොල මාර්ගයේ සිදුවන පරිසර හානිය වලක්වා ගැනීමට පොලීසියේත්, ප්‍රාදේශීය ලේකම්වරයාගේත් අවධානය යොමුවිය යුතුව ඇත.

ජී.ඒ.යූ.පී.සාලිය කෑගල්ල



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41