නාවලපිටිය රෝහලක් වසා දැමීම නිසා රෝගින් දැඩි අසීරුතාවට

මධ්‍යම පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය යටතේ පාලනය වන රජයට පවරා ගත් වෙස්ට්හොල් ප්‍රාදේශිය රෝහල වසර තුනක් තිස්සේ වසා දමා තිබිම නිසා රෝහල අවට වතු 06ක රෝගින් දැඩි අසිරුතාවට පත් ව තිබෙනවා.

2009 වසරේ වතු රෝහලේ රජයට පවරා ගැනිමේ ව්‍යාපෘතිය යටතේ වෙස්ට්හොල් වතුරෝහල රජයට පවරාගෙන විශාල මුදලක් වැය කර එම රෝහල නවිකරණය කර 2018 වසර දක්වා පවත්වාගෙන පැමිණි බවයි එම රෝහල අවට පදිංචිකරුවන් කියා සිටින්නේ.

නේවාසික ව 30 දෙනෙකුට ප්‍රතිකාර ලබාගැනිමට හැකි පහසුකම් ගණනාවකින් සමන්විත එම රෝහලේ, වසර 03ක සිට කිසිදු වෛද්‍යවරයෙකු සේවයේ යෙදි නො සිටින බවත් නාවලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ හෙද නිලධාරිනියන් විසින් මාසකට එක් වතාවක් එම රෝහලට පැමිණ සායන කටයුතුවලට සහභාගි වන රෝගින්ගේ වෛද්‍ය වාර්තා පරික්ෂා කර බලා ඖෂද පමණක් ලබාදෙන බවත් එම
රෝගින් පවසනවා.

රෝහල අවට පිහිටි ඇතටන් , රිලාගල , වෙස්ට්හොල් , බාර්කේපල් , බාරන්ඩා, බොහිල් ,කඩියන්ලෙන යන වතුවල පදිංචි රෝගී ජනතාව ප්‍රතිකාර ලබා ගැනිමට මෙම රෝහලට පැමිණි බවත්, එම රෝහලේ සිට නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට කිලෝමිටර් 13 ක් යා යුතු බවත් ප්‍රදේශවාසින් සඳහන් කරනවා.

වෙස්ට්හොල් ප්‍රාදේශිය රෝහල වසා දැමිම නිසා එම රෝහල තුළ තිබෙන වෛද්‍ය උපකරණ සහ ගොඩනැගිලි විනාශ වෙමින් පවතින බව හා රෝහල අවට භුමිය ද දැඩි අපිරිසිදු තත්ත්වයෙන් පවතින බවයි එම රෝහල අවට පදිංචිකරුවන් කියා සිටින්නේ.නාවලපිටිය වෙස්ට්හොල් ප්‍රාදේශිය රෝහල අවට පදිංචිකරුවන් ඉල්ලා සිටින්නේ, පවත්නා තත්ත්වය මත එම රෝහලට වෛද්‍යවරයෙකු සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කර රෝහල යළිත් විවෘත කරන ලෙසට යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?