නාවලපිටිය රෝහලක් වසා දැමීම නිසා රෝගින් දැඩි අසීරුතාවට

මධ්‍යම පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය යටතේ පාලනය වන රජයට පවරා ගත් වෙස්ට්හොල් ප්‍රාදේශිය රෝහල වසර තුනක් තිස්සේ වසා දමා තිබිම නිසා රෝහල අවට වතු 06ක රෝගින් දැඩි අසිරුතාවට පත් ව තිබෙනවා.

2009 වසරේ වතු රෝහලේ රජයට පවරා ගැනිමේ ව්‍යාපෘතිය යටතේ වෙස්ට්හොල් වතුරෝහල රජයට පවරාගෙන විශාල මුදලක් වැය කර එම රෝහල නවිකරණය කර 2018 වසර දක්වා පවත්වාගෙන පැමිණි බවයි එම රෝහල අවට පදිංචිකරුවන් කියා සිටින්නේ.

නේවාසික ව 30 දෙනෙකුට ප්‍රතිකාර ලබාගැනිමට හැකි පහසුකම් ගණනාවකින් සමන්විත එම රෝහලේ, වසර 03ක සිට කිසිදු වෛද්‍යවරයෙකු සේවයේ යෙදි නො සිටින බවත් නාවලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ හෙද නිලධාරිනියන් විසින් මාසකට එක් වතාවක් එම රෝහලට පැමිණ සායන කටයුතුවලට සහභාගි වන රෝගින්ගේ වෛද්‍ය වාර්තා පරික්ෂා කර බලා ඖෂද පමණක් ලබාදෙන බවත් එම
රෝගින් පවසනවා.

රෝහල අවට පිහිටි ඇතටන් , රිලාගල , වෙස්ට්හොල් , බාර්කේපල් , බාරන්ඩා, බොහිල් ,කඩියන්ලෙන යන වතුවල පදිංචි රෝගී ජනතාව ප්‍රතිකාර ලබා ගැනිමට මෙම රෝහලට පැමිණි බවත්, එම රෝහලේ සිට නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට කිලෝමිටර් 13 ක් යා යුතු බවත් ප්‍රදේශවාසින් සඳහන් කරනවා.

වෙස්ට්හොල් ප්‍රාදේශිය රෝහල වසා දැමිම නිසා එම රෝහල තුළ තිබෙන වෛද්‍ය උපකරණ සහ ගොඩනැගිලි විනාශ වෙමින් පවතින බව හා රෝහල අවට භුමිය ද දැඩි අපිරිසිදු තත්ත්වයෙන් පවතින බවයි එම රෝහල අවට පදිංචිකරුවන් කියා සිටින්නේ.නාවලපිටිය වෙස්ට්හොල් ප්‍රාදේශිය රෝහල අවට පදිංචිකරුවන් ඉල්ලා සිටින්නේ, පවත්නා තත්ත්වය මත එම රෝහලට වෛද්‍යවරයෙකු සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කර රෝහල යළිත් විවෘත කරන ලෙසට යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46