භයානක කටයුත්තකට ආණ්ඩුව අරඅඳිමින් ඉන්නවා!

භාණ්ඩ මිල පාලනය කිරීමට යැයි සම්පූර්ණ බොරුවක් මවාපාමින් ආණ්ඩුව හදිසි නීතිය ගෙන ඒමට කටයුතු කර ඇති බවත්, එය සහමුලින්ම ආණ්ඩුවේ වැරදි සහ නොහැකියාවන් වසා ගැනීම සඳහා ගෙන එනු ලැබූ අත්තනෝමතික ක්‍රියාවලියක් පමණක් බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

විපක්ෂ නායකතුමා මේ බව පැවසුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී ය.

2003 අංක 9 දරණ පාරිභෝගික පනත හරහා ඒ කටයුත්ත මැනවින් සිදු කර ගැනීමේ හැකියාව ඇතත් කඩිමුඩියේ ආණ්ඩුව හදිසි නීතිය ගෙන ඒමෙන් කවුරු වන්නේ ඊට වඩා භයානක කටයුත්තකට ආණ්ඩුව අර අදිමින් සිටින බවද ඒ මහතා පැවසීය.

ආණ්ඩුවේ අරමුණ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රට , ඒකාධිපතිත්වයකට යොමු කරමින් අත්තනෝමතික ලෙස මානව හිමිකම්වලට පවා අභියෝග කිරීම බව පැහැදිලි වන්නේ යැයිද විපක්ෂ නායකතුමා පැවසීය.

ආණ්ඩුව හදිසි නීතිය ගෙන ආ පලියට මෙරට ආසාධිතයින් ප්‍රමාණය අඩු වෙන්නේ නැති බවත්, අවශ්‍ය එන්නත් ප්‍රමාණය රටට ලැබෙන්නේ නැති බවත්,කොරෝනා මර්දනය කිරීම සඳහා හදිසි නීතියෙන් සහයක් ලැබෙන්නේ නැති බවත් පැවසූ විපක්ෂ නායකතුමා වැඩිදුරටත් පවසා සිටියේ රටේ භාණ්ඩ මිල හෝ විදේශ සංචිත ප්‍රමාණය හෝ පාලනය කර ගැනීමට බැරි ආණ්ඩුවකට හදිසි නීතිය අවශ්‍ය වන්නේ ජනතාව පීඩාවට පත් කිරීමට පමණක් බවය.

ප්‍රජාතන්ත්‍රවාදය කණපිට හරවමින් ඒකාධිපති ගමනකට අරඅඳින මෙම හදිසි නීති ගැසට්ටුව වහාම ආපසු හරවන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා පාරිභෝගික අයිතීන් සුරක්ෂිත කිරීමට පාරිභෝගික පනත සක්‍රීය කරන ලෙසත් ඒ හරහා පාරිභෝගික භාණ්ඩ සඟවාගෙන සිටින පුද්ගලයින්ට දැඩි දඩුවම් පමුණුවනු ලෙසත් ඉල්ලා සිටියේය.

හදිසි නීතිය ගෙන ඒමේ ක්‍රියාවලියට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය සහමුලින්ම විරුද්ධ බවද ඒ මහතා පැවසීය .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44