AFC Banner
Empty Ad
Empty Ad

පහන්තුඩාව අතරේ මීමුරේ වීඩියෝවකුත් ?

රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල පසුබිම් කරගනිමින් අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් තරුණයා සහ තරුණිය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ ජාල අපරාධ සම්බන්ධ විමර්ශන අංශය විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මහරගම ප්‍රදේශයේ පදිංචි තරුණයකු සහ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි වි තරුණියකයි.

මෙම සැකකාර තරුණිය තාවකාලිකව පන්නිපිටිය ප්‍රදේශයේ නවාතැන්ගෙන සිට ඇති බවත් මොවුන් වෘත්තිය වශයෙන් මෙවැනි අසභ්‍ය වීඩියෝ නිර්මාණය කර ඇති බවට හෙළිවී ඇති බවත් පරිකෂනවලින් හෙළිව ඇති බවයි වාර්තා වන්නේ.

මීමුරේ ප්‍රදේශය පදනම් කරගෙන රූගත කළ අසභ්‍ය වීඩියෝ පටයක් ද මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයා ගෙන ඇති අතර එම වීඩියෝවට ද මොවුන් පෙනී සිට ඇති බවයි අද (03) දිනපතා පුවත්පත් ද වාර්තා කර ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් සැකකාර කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවත් එම පුවත්පත් වාර්තා කර තිබුණා.

අසභ්‍ය ප්‍රකාශන පනත ප්‍රකාරව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
32
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?