AFC Banner
AFC Banner
Empty Ad

සෞඛ්‍ය ඇමතිගෙන් විශේෂ දැනුම් දීමක්

දිවයිනේ සෑම රෝහලකම කොවිඩ් රෝගීන් සඳහා අවශ්‍ය ඔක්සිජන් සැපයුම සම්බන්ධයෙන් දෛනිකව නිරීක්ෂණය කරමින් ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

ඔක්සිජන් අවශ්‍ය සෑම රෝගීයෙකුටම හිඟතාවයකින් තොරව ඔක්සිජන් ලබාදීමට හැකි උපරිම පියවර ගන්නා ලෙසත් ඔක්සිජන් නොමැතිව කිසිදු රෝගියෙකු මියයෑමට ඉඩ නොතැබිය යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

මේ අතර දෛනිකව රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය හිඟයකින් තොරව සපයා ගැනීමට මේ වන විට හැකියාව ලැබී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?