AFC Banner
Empty Ad
Empty Ad

“සර් ඇත්තම කියන්නම්.. මං ලව්වා කෝල් කරලා ගෙන්න ගත්තෙ, අපි හැංඟිලා බලන් හිටියා එනකන්… පස්සෙ….”

පසුගිය දිනෙක රාත්‍රීයේ 119 අංකයෙන් ලැබුණ තොරතුරකට අනුව නොච්චියාගම පොලිසියේ කණ්ඩායමක් ඔලුවැව ප්‍රදේශයේ නිවෙසක් වෙත ගිය විට ගෙහිමි පැවසුවේ එවැන්නක්.පොලිසිය මුලින්ම තුවාලකරුව රෝහල්ගත කළා. අනුරාධපුර රෝහලට ඇතුළත් කෙරුණු හෙතෙම දැඩිසත්කාරයට මාරු කෙරුණා.

මේ අතර විමර්ශනයට ගිය කණ්ඩායම නිවැසියන්ගෙන් කටඋත්තර ගැනීමට යාමේදී දකින්නට ලැබුණේ ටික වෙලාවකට පෙර සිටි වයස අවුරුදු 45ක් වන කාන්තාව පෙනෙන්නට නැති බවයි.

“අම්මත් ඉස්පිරිතාලේ ගියා මට කරදර කරන්න ආපු මිනිහා එක්ක පොර බැඳලා එයාටත් තුවාලයි..” යැයි ගොදුරු වන්නට ගිය කාන්තාව සඳහන් කළා.

“මේ බලන්න.. ඒ මිනිහා මගේ ඇඳුමත් ඉරුවා. අම්මා නොහිටින්න තව පොඩ්ඩෙන් මට මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ..”

ඉරී ගිය ඇඳුමකින් සැරසී සිටි එම කාන්තාව එලෙස පවද්දි නිවස ඉදිරිපිට බට්ටා ලොරියක් නතර කෙරුණා. එහි පැමිණ සිටියේ එම කාන්තාවගේ සැමියායි. ඔහු මෙම ලොරියෙන් බෝතල් පත්තර එකතු කරන අයෙක්. නිවසට ආ ඔහු මේ දේ අදහාගත නොහැකිව බලා සිටියා.

ඇය ඔහු හා සිද්ධිය පවසන්නට ගත්තා.

“බලන්න අනේ අර මිනිහා ගෙට පැනලා මට කරදර කරන්න ගියා. හොඳ වෙලාවට අම්මා හිටියේ.. නැත්තම් මම කොහොමද ඒ මිනිහගෙන් බේරෙන්නේ..” ඇය කියන්න ගත්තා.

නිවසට බලහත්කාරයෙන් පැන කාන්තාවකට අතවර කිරීමට ගොස් හොඳ හැටි පහර කෑවේ කවුද යන්න සෙවීමේදී පොලිසිය දැනගත්තේ එහු හිටපු හමුදා සෙබළෙකු බවයි.

ප්‍රසන්න කුමාර නම් මොහුගේ වයස අවුරුදු තිස් පහක්. විවාහකයෙකු වන මොහු දෙදරු පියෙක්. මීට වසර එකහමාරකට පෙරදී බිරිඳ මොහුව හැර ගොස් තිබුණා.

සේවා කාලය නිමා කිරීමෙන් අනතුරුව විශ්‍රාම ලබා තිබුණේ මීට ටික කලකට පෙරයි. මොහුට පහර දුන් නිවැසියන් පැවසූ පරිදි මොහු මේ නිවසේ සිටින තරුණිය සමඟ අනියම් සම්බන්ධයක් පැවැත්වීමට උත්සහා කොට තිබෙනවා.

කෙසේ වෙතත් මේ පුද්ගලයාට පහර දුන් පොල්ලක් හා ඇල්බීසියා ලීයක් සොයා ගැනීමට පොලිසියට හැකිවුණා.

පසුදින උදාවුණා. නොච්චියාගම පොලිසියට ඇමතුමක් ලැබුණා. ඒ තුවාලකරු මිය ගිය බව කියමිනුයි. අනතුරුව දැන ගැනීමට ලැබුණේ මේ පුද්ගලයා ඊයේ පැමිණ ඇත්තේ යතුරුපැදියෙන් බවයි.

සාමාන්‍යයෙන් හොර ගමනක් පැමිණේ නම් යතුරුපැදිය ඉදිරිපිට නවත්වන්නෙ නැහැ. අවට වෙල් යාය පරීක්ෂා කෙරෙන්නෙ ඉන් පසුවයි. යම් සැකකටයුතු දෙයක් අඩිපාරේ තිබූ හමුවූ වහාම පොලිසියේ සැකය වැඩිවුණා. කඩුවක මිටක් සහ ලේ පැල්ලම් කිහිපයක්ද දැකගන්න ලැබුණේ අනතුරුවයි.

නිවැසියන් කියන්නේ බොරු බවට වැටහුණත් දැන් ඇත්ත හෙළිවෙමින් පවතිනවා. සළකුණු වලින් පෙනෙන්නේ යමක් බිම දිගේ ඇදගෙන් ගොස් ඇති බවයි. එනම් මියගිය අයට පහර දී ඇත්තේ මානා පඳුර අසළයි.

ලොරියෙන් පැමිණි පුද්ගලයා මේ ඝාතනයේ සැලසුම්කරු වන්නට ඇති බව පොලිසිය තේරුම් ගත්තා. එය ඔහුගේ කටින්ම අසා ගැනීමට පොලිසියට උවමනා වුණා.

“අනේ සර්.. මම මේ මුකුත් දන්නෙ නෑ.. මිනිහෙක් ගෙට පැනලා මගේ පවුලට කරදර කරන්න ගිය බව දැනගත්තේ ගෙදර ආවට පස්සේ..”

ඔහු එසේ පැවසුවත් අවසානයේ සියල්ල හෙළි කරන්නට වුණා.

ඝාතනය වූ ප්‍රසන්න මේ පවුලේ ඥාතීයෙක්. මොහු අනියම් ඇසුරක් පවත්වා ඇත්තේ සිය පුංචි අම්මාගේ පුතාගේ බිරිය සමඟයි. ඇය මොහුට පහරදුන් කණ්ඩායමේ ප්‍රධානියාගේ බිරිඳයි.

මේ සම්බන්ධය දැනගත් දෙපාර්ශවයේම ඥාතීන් විරෝධය පළ කළත් එය නැවතුනේ නැහැ.

කොපමණ විරෝධතා තිබුණත් ඇය ප්‍රසන්න සමඟ ඇයි හොඳැයිය නතර කළේ නැහැ. ඇය දරු දෙදෙනාගේ කැටුව වරෙක පේරාදේණිය මල්වත්තේ විනෝද චාරිකාවක් ගොස් තිබුණා.

දරු දෙදෙනාගේ රැගෙන හතර වටේ කරක් ගසා නිවසට ආ බිරිය ආදරෙන් පිළිගත් සැමියා, ප්‍රසන්න ඝාතනය කිරීමට සැලසුම් කරන්නේ ඇගේ සහය ද ඇතිවයි.

“මචං.. අද රෑට ඇවිත් අර ගෑනිව අරන් පලයං.. ඌ බීගෙන ඇවිත් ඒකිට හොඳටම ගහනවා..”

මේ ඇමතුම ප්‍රසන්නට ලැබෙන්නේ පෙම්වතියගේ නිවස අසළ සිටි මිතුරෙක්ගෙන්. ඔහු පෙම්වතියගෙන් ඒ ගැන අසද්දි පෙම්වතියද කීවේ එයමයි. පැමිණ තමාව රැගෙන යන ලෙසයි. ප්‍රසන්න පැමිණෙන්නේ ඒ නිසයි. ඒත් සිදුවූයේ නොසිතූ දෙයක්.

“සර් ඇත්තම කියන්නම්.. මමයි මගේ පවුලයි මගේ මල්ලි වෙන කෙනෙකුයි යාලුවෝ තුන්දෙනෙකුයි ගිහින් ඩී-09 ඇළ ළඟ හැංඟිලා හිටියා. කියපු විදිහටම මිනිහා බයික් එකෙන් ඇවිත් කාටවත් නොපෙනෙන්න හංගලා වෙල දිගේ අපේ ගෙවල් පැත්තට යන්න ගියා. ඒ වෙලාවේ තමයි අපි වටවෙලා මිනිහට ගැහුවේ..”

“මිනිහා අපිටත් ගැහුවා. අපි මිනිහට නැගිටගන්න බැරිවෙන්න ගහලා වෙල දිගේ අපේ ගෙදරට ඇදගෙන ගියා. ඒ ගිහිල්ලා පැත්තකට දාලා තිව්වා. එහෙම ගෙට ඇදගෙන ආවේ මිනිහා ගෙට පැන්න වෙලාවේ ගහලා මැරුවා කිව්වම අපිට ගැලවිල්ලක් තියෙන නිසා..”

මුල් පහර කීපය එද්දි පෙම්වතිය එම ස්ථානයෙන් පලා යන්නේ එක් දිනක් හෝ යහන්ගත වූ පුද්ගලයාට පහර දෙනවා බලා සිටීමට නොහැකි නිසා විය හැකියි.

නිවසට ගෙන ආ ප්‍රසන්නගේ පාද දෙකම කඩා දමන්නට තරම් මොවුන් කුරිරු වී තිබුණා.

අල්ලපු ගෙදර කාන්තාවක් ප්‍රසන්න වැටී සිටිනු දැක තිබුණා.

මේ සියලු සාක්ෂි සොයා ගැනීමෙන් අනතුරුව ප්‍රසන්නගේ පෙම්වතිය, ඇගේ සැමියා සැමියාගේ බාප්පා හා මිතුරන් දෙදෙනා අත්අඩංගුවට ගැණුනා.

‍ඝාතනයට උපයෝගී කරගත් කඩුවක්, යකඩ පොල්ලක් ඇතුළු භාණ්ඩ කිහිපයක්ද පොලිසිය භාරයට ගෙන නඩු භාණ්ඩ ලෙස නම් කෙරුණා.අමල් රණබාහු විසින් “මාංචු” පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?