ජවිපෙන් ආණ්ඩුවට ප්‍රශ්න මාලාවක්

ආණ්ඩුවේ කොවිඩ් මර්දන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනතාවට ඇති වී තිබෙන ප්‍රමුඛතම ප්‍රශ්න 10ක් අද(01 දිනයේදී ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් යොමු කරනු ලැබීය.

පසුගිය වසර 1 1/2ක ආණ්ඩුවේ කොවිඞ් මර්දන වැඩසටහන සම්බන්ධයෙන් ජනතාවට ගැටලු ගණනාවක් පැන නැගී තිබෙනවා. ඒ ප්‍රමුඛ ප්‍රශ්න 10ක් ආණ්ඩුව වෙත ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කරයි.

මේ සම්බන්ධව ආණ්ඩුව තමන්ගේ ස්ථාවරය නිල වශයෙන් ඉදිරිපත් කරනු ඇති බව අපේක්ෂා කරන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කරන පිළිතුරු ප්‍රමාණවත් වන්නේ නැති බව ඔහු පවසයි

කොවිඩ් මර්දනයේදී ක්‍රියාත්මක වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීරණ නොවන බැවින් ජනාධිපතිවරයා සහ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් මේ ප්‍රශ්න 10ට රටේ ජනතාවට පිළිතුරු දිය යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට යොමු කළ ප්‍රශ්න 10 මෙසේය.

01. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2021 ජනවාරි 18 දින ඉදිරිපත් කරන ලද ජාතික එන්නත්කරණ සැලැස්ම හදිසියේ වෙනස් කර අවු. 60 වැඩි අයට එන්නත් ප්‍රමුඛතාව නොදීමට තීන්දු කළේ කවුද?

02. සයිනොෆාම් එන්නත සති 05ක් ප්‍රමාද කිරීම ගැන ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ට චෝදනා කරයි. එසේ ප්‍රමාද කිරීමට කටයුතු කළ ඖෂධ නියාමන අධිකාරියේ සහ විශේෂඥ කමිටුවේ නිලධාරීන් කවුද? ඔවුන් සම්බන්ධයෙන් මෙතෙක් අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග කවරේද?

03. එන්නත් ආනයනය ප්‍රමාද කර, ඒ පිළිබඳ විශ්වාසය වෙනතක යවා කෑගල්ලේ ධම්මික පැණිය වැනි ප්‍රවර්ධනය කරන්නට සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝහල් භාවිත කරනු ලැබීය. එයට ආයුර්වේද දෙපාර්තමේනතුව ඇතුළු රාජ්‍ය ආයතනවල ලියාපදිංචිය ලබාදීමට බලපෑම් සිදුවිය. එවැනි ආකාරයේ ප්‍රචාරණයකට හවුල් වූ රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තුවේ ප්‍රධානීන් සහ ඇතැම් මාධ්‍ය ප්‍රධානීන් මේ පැණි කෝලමේ වගකීම භාර ගන්නේද?

04. සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත්වී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රදේශ මගින් එන්නත්කරණය සිදු කරමින් පවතී. එවැනි තැන්වලට නියමිත ප්‍රමාණයට වඩා එන්නත් අඩුවෙන් ලබා දී හිතාමතා එම ප්‍රදේශවල තදබදයක් ඇතිකරමින් තිබේ. සෞඛ්‍ය අංශ සම්බන්ධව ජනතාව තුළ දෝෂදර්ශනයක් ඇතිකිරීමට සැලසුම් සහගතව ක්‍රියාත්මක වන බව පෙනේ. මේ එන්නත් හිඟය සම්බන්ධ ගැටුම් ඇති කිරීමට අදාළ තීන්දුව පැමිණෙන්නේ කොතැනකින්ද? එසේම ඇතැම් එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා නොදීමටත් ඇතැම් එන්නත් සමහර ප්‍රදේශවලට ලබා නොදීමටත් අදාළ තීන්දු ගනිමින් සිටින්නේ කවුරුන්ද?

05. කොවිඞ් ආසාදිතයින් හා මරණ සම්බන්ධයෙන් දත්ත පිළිබඳව ගැටලුකාරී තත්වයක් පවතී. මෙම දත්ත වෙනස් කිරීම සම්බන්ධ චෝදනා එල්ල වී ඇත. ඉහළ හමුදා නිලධාරියෙක් සහ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙක් සම්බන්ධ බවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් චෝදනා කර තිබුණි. මෙසේ චෝදනා එල්ල කරන ලද අයගෙන් සහ එල්ල වූ අයගෙන් අවම වශයෙන් ප්‍රකාශ ලබා ගෙන රටට නිවැරදි තොරතුරු ලබාදීමට ආණ්ඩුව කටයුතු කරන්නේද?

06. ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාව හදිසියේ මැකී යාම සම්බන්ධයෙන් ගැටලුවක් සාකච්ඡා වෙමින් ඇත. එහි දත්ත ගොනු ලක්ෂ 11ක් අතුරුදහන් වී තිබේ. මෙය හුදු සෞඛ්‍යය පිළිබඳව පමණක් නොව රාජ්‍ය ආරක්ෂාව පිළිබඳවත් ගැටලුවකි. මේ සම්බන්ධයෙන් වගකීම භාර ගනු ලබන්නේ කවුද? ඔවුන් පිළිබඳව ගනු ලැබූ ක්‍රියාමාර්ග කවරේද? දත්ත හානිය නිසා ඖෂධ හා සෞඛ්‍ය මෙවලම් ලියාපදිංචිය ප්‍රමාද වී තිබේද? එය කොවිඞ් මර්දනය බලපා ඇත්තේ කවරාකාරයෙන්ද?

07. පීසීආර් හා රැපිඞ් අන්ටිජන් පරීක්ෂණවල මිල සම්බන්ධයෙන් ආන්දෝලනයක් ඇතිව තිබේ. ජනතාව ඒ වෙනුවෙන් විශාල මුදලක් වියදම් කරමින් සිටියි. මේවායේ මිල ගණන් සම්බන්ධයෙන් නැගෙන චෝදනා පිළිබඳව ලබා දෙන පිළිතුර කුමක්ද?

08. මේ වන විට පීසීආර් හා රැපිඞ් අන්ටිජන් පරීක්ෂණ දෛනිකව ලක්ෂයක පමණ ප්‍රමාණයක් සිදු කළ යුතුව තිබේ. නමුත් ඒවා සිදු කෙරෙන්නේ දෛනිකව 20,000ට ආසන්න ප්‍රමාණයකි. මෙම ප්‍රමාණය වැඩි නොකිරීමට හේතු කවරේද?

09. කොවිඞ් රැලි අනුව ඒ සම්බන්ධයෙන් වගකීම් දැරූ නිලධාරීන් මාරු වී ඇත. කොවිඞ් මර්දනයේදී ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටු කළ හා අත්දැකීම් ලැබූ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් ඉවත් කිරීමට තීන්දු ගනු ලැබුවේ කවුද?

10. මේ වන විට දකුණු අප්‍රිකානු ප්‍රභේදය පිළිබඳව අනතුරු හඟවනු ලැබ තිබේ. එසේ තිබියෙදී ඉන්දියානු සංචාරකයන් ඇතුළු විදෙස් සංචාරකයන් ගෙන්වීමට අදූරදර්ශී තීන්දුවක් ගනු ලැබුවේ කවුරුන් විසින්ද?

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44